ගෝඨාගේ නීත්‍යානුකූල ලියවිලි ඇත්නම් එවන්න : බලධාරීන්ට නියෝගයක් !

ගෝඨාගේ නීත්‍යානුකූල ලියවිලි ඇත්නම් එවන්න : බලධාරීන්ට නියෝගයක් !
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය   රාජපක්ෂ  සතුව   නීත්‍යානුකූල විදේශ ගමන් බලපතයක් , ජාතික හැදුනුම්පත් ඇත්නම් ඒ සම්බන්ධයෙන් වන සියලුම තොරතුරු ලබන 02 වැනිදා අධිකරණය  හමුවට  ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණය විසින්  රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාට , එහි අමාත්‍යාංශ ලේකම්ට , ආගමන විගමන පාලකවරයාට සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබේ.
 
අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලංකා පුරවැසිභාවයට එරෙහිව ගොනු කළ රිට් පෙත්සම අධිකරණ නියෝග පරිදි යළිත් අද (30) පස්වරුවේදී කැඳවූ අවස්ථාවේදීය.
 
 මෙම පෙත්සම ලබන 02, 03 සහ 04 යන දිනවලදී සලකා බැලීමට නියමිතව තිබේ.
 
චමල් ද ශිරන්ති ද ?
මේ අතර මතුව ඇති තත්ත්වය සම්බන්ධව රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සාකච්ඡා කරමින් සිටින අතර ගෝඨාභය රාජපක්ෂගේ අපේක්ෂකත්වය අභියාචනාධිකරණය හමුවේ අභියෝගයට ලක්වුවහොත් පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස රාජපක්ෂවරයෙකුම පත්කල යුතු බවට දැඩි ස්ථාවරයක ඔවුන් සිටින බවත් වාර්තා වෙයි.
එසේ නොමැති වුවහොත් පොදුජන පෙරමුණ තුළ ගොඩනැගූ බලය වෙනත් පාර්ශවයක් අතට යන බවත් එය රාජපක්ෂ පවුල් දේශපාලනයට බාධාවක් බවත් එහිදී තීරණය වී තිබේ.
ඒ අනූව දැනට පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ හෝ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ වෙත අපේක්ෂකත්වය ලබාදීම ගැන සාකච්ඡා වෙමින් ඇති බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න