2005 වසරට අදාළ ද්විත්ව පුරවැසි ලේඛනයේ නන්දසේන ගෝඨාභය රාජපක්ෂගේ නම සඳහන් අංක අතර නොගැලපීමක් සොයාගැනීමට විමර්ශකයන් සමත්ව තිබේ.
ඒ අනුව ද්විත්ව පුරවැසි ලේඛනයට අදාළ පරිගණක වාර්තා මගින් 15305 අංකය යටතේ නන්දසේන ගෝඨාභය රාජපක්ෂගේ නම සඳහන් වන නමුත් එම වසරේ ද්විත්ව පුරවැසි වාර්තා සඳහන් නිල මුද්‍රිත ලේඛන වල එම අංකය යටතේ ඇත්තේ වෙනත් නමකි.

එහිදී ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමක් හෝ නීතිවිරෝධී ලෙස ලේඛන වෙනස් කිරීමක් පැහැදිලිව පෙනෙන්නට ඇති බව ද නීතිවේදීහු පෙන්වා දෙති.
එසේම ද්විත්ව පුරවැසිබාවය ඉල්ලුම් කිරීමට අදාල ලේඛන කිසිවක් ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව සතුව නොමැති බවත් වාර්තා විය.
මේ වන විට හොර ජාතික හැඳුනුම්පත් හොර පාස්පෝට් මෙන්ම මෙරට ඡන්දදායකයකු ලෙස හොරට ලියාපදිංචි වීම ගැනද චෝදනා රැසක් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ වෙත එල්ල වී තිබේ.

