රාජපක්ෂවරුන් යනු නීතියට පරිභාහිරව අමුතු පිරිසක් විය යුතු බවට මතයක් පොදුජන පෙරමුණ වෙත සහය දක්වන ඇතැම් ශාස්ත්‍රාලීය විද්වතුන් කාලයක් තිස්සේ නිර්මාණය කරමින් සිටියි.
තම ආචාර්ය , කථිකාචාර්ය පට්ටම් වලින් සාමාන්‍ය ජනතාව නොමග යවන ඒ ප්‍රකාශ මේ වන විට වැඩිදුරටත් සමාජ ගත කිරීමට ඔවුන් පෙළඹී ඇති බවක් පෙන්නුම් කරයි.
ඊට හේතු වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධව මේ වන විට අභියාචනාධිකරණය වෙත ගොනුකර ඇති පෙත්සමයි.
මේ පෙත්සම සම්බන්ධව කිසිදු හේතුවක් නොදක්වන පොහොට්ටු පාර්ශවයේ නරුම විද්වතුන් පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධව කිසිදු නෛතික තත්ත්වයක් සැලකිල්ලට නොගෙන ඔහුට මැතිවරණය සඳහා සහභාගී වීමට අවස්ථාව ලබාදිය යුතු බවය.
කථිකාචාර්ය මහින්ද පතිරණ තබා ඇති මේ සටහන ඊට සාක්ෂි දරයි.

රාජපක්ෂ පරපුරට විතරක් දණ්ඩමුක්තිය !
ඒ අනූව මේ ඊනියා බුද්ධිමතා යෝජනා කරන්නේ සාමාන්‍ය ජනතාව වෙත නොමැති දණ්ඩමුක්තිය වෙනුවෙන් වන අවස්ථාව රාජපක්ෂ පරපුරට දියයුතු බව පමණක් නොව රාජපක්ෂ රෙජීමයට ඕනෑම නීති විරෝධී කටයුත්තක් හරහා වුවත් පෙරළා බලයට ඒමේ අවස්ථාව දියයුතු බවය.
ගෝඨාභය රාජපක්ෂ ගේ පුරවැසි භාවය අභියෝගයට ලක්කර ඇති මේ පෙත්සම සම්බන්ධව ඔවුන් නගන සරල තර්කය එයයි.
එහෙත් මෙහිදී වැදගත් වන්නේ මේ තර්කය විසින් වසං කරන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කිරීමට පෙර මේ රටේ ජනතාවට යුක්තිය ඉටුවීම වෙනුවෙන් විසඳාගැනීමට ඇති කරුණු ඉහත කී ඊනියා විතණ්ඩ බුද්ධිමතුන් නොතකයි.
එනිසා ඒ බව මෙසේ දැක්විය යුතුව ඇත.
ගෝඨාගේ පැටිකිරියේ ඇරඹුම !
මේ වන විට අනාවරණය වී ඇති ආකාරයට නන්දසේන ගෝඨාභය රාජපක්ෂ සිය පරණ හැඳුනුම්පත ලබාගෙන ඇත්තේ 1976 දෙසැම්බර් 21වනදාය. ඒ 491724021V ලෙසය. ඒ සමග ඔහු සතුව පැවති විදෙස් ගමන් බලපත්‍රය N5384975 වෙයි.
මේ හරහා ගෝඨාභය රාජපක්ෂ ඇමරිකාව වෙත ගොස් එහි පුරවැසි භාවය ලබාගෙන ඇත්තේ 2003 ජනවාරි 31 වනදාය. ඒ අනූව එතැන සිට තවදුරටත් ගෝඨාභය රාජපක්ෂ යනු ශ්‍රී ලංකා පුරවැසියකු නොවේ. ඔහු එය අත්හල ඇමරිකානු පුරවැසියෙකි.
2005 ජනාධිපතිවරණය අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ නැවත ලංකාවට එන විට සංචාරක වීසා බලපත්‍රයක් ලබාගෙන ඇත්තේ ද ඒ අනූවය.
එවර ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ ජනාධිපති වන අතර ඔහු එකී ධූරයට පත්වන්නේ 2005 නොවැම්බර් 18 වනදාය. පුදුම සහගත කරුණ වන්නේ නොවැම්බර් 21වන විට ගෝඨාභය රාජපක්ෂ වෙත ද්විත්ව පුරවැසි භාවය ලබාදී තිබීමය.
ගෝඨාභය පරිගණක ඉංජිනේරුවෙක්ද ?
දැනට වාර්තා වන තොරතුරු අනූව ගෝඨාභය රාජපක්ෂ ද්විත්ව පුරවැසි භාවය සඳහා අයදුම් කර ඇත්තේ පරිගණක ඉංජිනේරුවකු ලෙස වුවත් එවැනි වෘත්තීය භාවයක් ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් තුළ නැත. ඒ අනූව ඔහු ද්විත්ව පුරවැසි භාවය ලබා ඇති පළමු අවස්ථාව පවා ව්‍යාජ තොරතුරු ලබාදී සිදුකර ඇති බව පැහැදිලි වෙයි.
2016 වසරේ ගෝඨාභය රාජපක්ෂ තවත් ජාතික හැඳුනුම්පතක් ගෙන ඇති අතර එහි අංකය 194917210010 වෙයි. එය ඔහු ලබාගැනීම සිදුකරන විට ගෝඨාභය රාජපක්ෂ යනු ශ්‍රී ලංකා - ඇමරිකානු ද්විත්ව පුරවැසියෙකු මිස ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවේ. නැත්නම් ඔහු එය ලබාගෙන ඇත්තේ ඇමරිකානු පුරවැසි භාවය තිබියදී ය.
රාජපක්ෂලාගේ ප්‍රෝඩා ජාන !
එපමණක් නොව ගෝඨාභය කියන්නේ ප්‍රෝඩාභය බව තහවුරු කරන අනෙක් කරුණ ඔහු ජන්ද හිමි නාමලේඛණය වෙත සිය නම ඇතුලත් කරගෙන ඇති ආකාරයයි. එහිදී ඔහු වැරැදි පිට වැරදි කර තිබෙන බවට පැහැදිලි සාක්ෂි තිබේ.
ඒ පළමුව නීති විරෝධී ආකාරයට 2016 දී ජාතික හැඳුනුම්පත ලබාගත් ගෝඨාභය 2017, 2018 සහ 2019 ජන්ද හිමි නාමලේඛණය සඳහා අවලංගු පැරණි ජාතික හැඳුනුම්පත යොදාගෙන ලියාපදිංචි වීම හරහා ය.
පසුව තවත් විදෙස් ගමන් බලපත්‍රයක් ද ඔහු ලබාගෙන ඇති අතර ඒද සිදුකර ඇත්තේ තමන් ඇමරිකානු පුරවැසි භාවය ඇත්තෙකු බව වසං කරමිනි. එහි අංකය N 192600594වෙයි. මේ අනුව පෙනී යන්නේ ඉතා දැනුවත් ආකාරයට ව්‍යාජ තොරතුරු සහ බලය අනිසි ලෙස යොදවා ගෝඨාභය රාජපක්ෂ සිය අවශ්‍යතා ඉටුකර ගෙන ඇති බවය.
ගෝඨාට එරෙහිව නඩු එපා නම් සියළු බන්ධනාගාර නිවැසියන් නිදහස් කළ යුතුයි නේද ?
මේ වැරැදි සාමාන්‍ය පුරවැසියකු කළා නම් ඔහු හෝ ඇය මේ වන විට මහ උළුගෙදර උළු ගනිමින් සිටින බව අමුතුවෙන් කිවයුතු නැත. අනෙක් අතට ගෝඨාභය කියන ලෙස 2016 අදාල හැඳුනුම්පත නිකුත්කර ඇත්තේ වත්මන් ආණ්ඩුවේ ඩීල්කාර ඇමතිවරයකුගේ සහයෙන් වුවත් එය වරද යටපත් කිරීමට හෝ නිදහස සඳහා කරුණක් නොවේ. අප බලා සිටින්නේද අධිකරණ ක්‍රියාවලිය තුළ ඒ ඇමති කවුද ? නිලධාරීන් කවුද ? යන්න අනාවරණය වෙන තුරුය.
එතෙක් කියන්න ඇත්තේ දණ්ඩමුක්තිය නොහොත් වැරැදි කළත් දඬුවම් නොලබ අවම වශයෙන් ඒ වරද ප්‍රසිද්ධියේ පිළිනොගෙන ඉදිරියට යන්න අයෙකු සිතනවා නම්, ඊට ආවඩනවා නම් ඒ සියළු දෙනා ශිෂ්ට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සහ සමාජ අවකාශය විශ්වාස නොකරන අය බවය. මැතිවරණයක් අවස්ථාවේ කාට මනාපය දුන්නත් අධිකරණය ස්වාධීනව තබා ගැනීම පොඩි මිනිහට නම් වැදගත් අතර ඊට පක්ෂ භේදයක් නම් කොහෙත්ම නැති බවය.

