පූජිත් ඇපෙන් නිදහස් !

 පූජිත් ඇපෙන් නිදහස් !
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද ( ඔක්තෝබර් 01) අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ  වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ඇප මත නිදහස් කර ඇත.
 
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අදාල  නියෝගය නිකුත්කල අතර එහිදී කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක නියෝග කලේ ඔහුව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙසයි.

2017 වර්ෂයේදී පොලිස් මුලස්ථානයේ විදුලි සෝපාන ක්රියකරුවෙකුට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තම්නේතුව දැනට වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර අද දිනයේදී අත්අඩංගුවට ගනු ලැබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න