ඇප තැබූ අපේක්ෂකයන් 41 මෙන්න : නාමයෝජනා භාරගෙන අවසන් !

ඇප තැබූ අපේක්ෂකයන් 41 මෙන්න : නාමයෝජනා භාරගෙන අවසන් !

ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අපේක්‍ෂකයන් 41 දෙනකු ඇප තැන්පත් කර ඇත. තරග කරන අපේක්‍ෂකයන්ගේ ඇප තැන්පතු භාර ගැනීම ඊයේ (06 ) මධ්‍යහ්න 12.00 ට අවසන් විය.

පිළිගත් දේශපාලන පක්‍ෂ වලින් අපේක්‍ෂකයින් 19 දෙනකු ඇප තැන්පත් කර ඇති අතර ස්වාධීනව අපේක්‍ෂකයන් 19 දෙනකුද ලියාපදිංචි නොවූ පක්‍ෂ වලින් අපේක්‍ෂකයන් 03 දෙනකුද ඇප තැන්පත් කර ඇත.

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා උතුරු පළාත් හිටපු මන්ත‍්‍රී එම්. කේ. සිවාජිලිංගම් හා සබරගමුව පළාත් හිටපු මහ ඇමැති මහීපාල හේරත් යන මහත්වරුද ඊයේ ජනාධිපතිවරණයට තරග කිරීමට ඇප තැන්පත් කර ඇත.

ඉකුත් ජනාධිපතිවරණ හා සැසඳීමේදී වැඩිම අපේක්‍ෂකයන් ගණනක් තරග කිරීම මෙවර සිදුවෙයි. මෙතෙක් වැඩිම අපේක්‍ෂකයන් ප‍්‍රමාණයක් තරග කර ඇත්තේ ඉකුත් 2010 ජනාධිපතිවරණයේදීය. එහි අපේක්‍ෂකයන් ගණන 22 කි.

අපේක්‍ෂකයින් සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන් ඔවුන්ට අවශ්‍ය පහසුකම් හා අනෙකුත් ලිපිද්‍රව්‍ය සකස් කිරීම වෙනුවෙන් වෙනත් මැතිවරණ වලට වඩා වැඩි වියදමක් දැරීමට සිදුවන බව මැතිවරණ කොමිසම පවසයි.

දේශපාලන පක්‍ෂ වලින් ඇප තැන්පත් කර ඇති අපේක්‍ෂකයන් 19 දෙනා මෙසේය.

අජන්තා පෙරේරා (ශ‍්‍රී ලංකාවේ සමාජවාදී පක්‍ෂය), සමන් පෙරේරා (අපේ ජන බල පක්‍ෂය), ගෝඨාභය රාජපක්‍ෂ (ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ), ආරියවංශ දිශානායක (ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ), සිරිතුංග ජයසූරිය (එක්සත් සමාජවාදී පක්‍ෂය), බැද්දෙගමගේ නන්දිමිත‍්‍ර (නව සම සමාජ පක්‍ෂය), වජිරපානි විජේසිරිවර්ධන (සමාජවාදී සමානතා පක්‍ෂය), සරත් මනමේන්ද්‍ර (නව සිහළ උරුමය), රොහාන් පල්ලෙවත්ත (ජාතික සංවර්ධන පෙරමුණ), ඒ. එස්. පී ලියනගේ (ශ‍්‍රී ලංකා කම්කරු පක්‍ෂය), බත්තරමුල්ලේ සීලරතන හිමි (ජනසෙත පෙරමුණ), සජිත් පේ‍්‍රමදාස (නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ), ජයන්ත ලියනගේ (සිංහලදීප ජාතික පෙරමුණ), දුමින්ද නාගමුව (පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය), මහේෂ් සේනානායක (ජාතික ජනතා පක්‍ෂය), අරුණ ද සොයිසා (ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික ව්‍යාපාරය), පි‍්‍රයන්ත එදිරිසිංහ (ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු සංවිධානය), නාමල් රාජපක්‍ෂ (ජාතික සමගි පෙරමුණ), සුබ‍්‍රමනියම් ගුණරත්නම් (අපේ ජාතික පෙරමුණ).

ස්වාධීන අපේක්‍ෂකයන් 19 දෙනා මෙසේය.

ජයන්ත කැටගොඩ, සිරිපාල අමරසිංහ, අපරැක්කේ  පුඤ්ඤානන්ද හිමි, මිල්රෝයි ප‍්‍රනාන්දු, සමන්සිරි හේරත්, සරත් කීර්තිරත්න, අනුරුද්ධ පොල්ගම්පොළ, සමරවීර වීරවන්නි, අශෝක වඩිගමංගාව, බෂීර් සේගු දාවුඞ්, මොහොමඞ් ඉල්ලියාස්, පියසිරි විජේනායක, රජීව විජේසිංහ, කුමාර වෙල්ගම, එම්. කේ. සිවාජිලිංගම්, එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා, අහමඞ් හසන් අලවි, ගුණපාල තිස්සකුට්ටිආරච්චි, මහීපාල හේරත්.

පිළිගත් දේශපාලන පක්‍ෂ නොවන පක්‍ෂවලින් තිදෙනෙකි.

අනුර කුමාර දිසානායක (ජාතික ජනබල ව්‍යාපාරය), චමල් රාජපක්‍ෂ (ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය), අජන්තා ද සොයිසා (රුහුණු ජනතා පෙරමුණ)

ශ‍්‍රී ලංකාවේ අටවැනි ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ නාම යෝජනා පත‍්‍ර භාර ගැනීම අද (07 වැනිදා) රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ශ‍්‍රවණාගාරයේදී සිදු කෙරේ.

නාම යෝජනා පත‍්‍ර භාර ගැනීම පෙරවරු 9.00 සිට 11.00 දක්වා සිදුවෙයි. නාමයෝජනා පත‍්‍ර පිළිබඳ විරෝධතා භාර ගැනීම එදින පෙරවරු 11.30 දක්වා සිදුවන අතර ඉන්පසුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය  විසින් පිළිගත් හා ප‍්‍රතික්‍ෂේපිත නාමයෝජනා පත‍්‍ර ප‍්‍රකාශයට පත් කරනු ලබයි.

නාමයෝජනා භාර ගැනීම සිදු කරන මැතිවරණ කොමිසමේ ශ‍්‍රවනාගාරයට අපේක්‍ෂාකයාටත් ඔහුගේ නාමයෝජනා පත‍්‍රය අත්සන් කළ තැනැත්තාටත් තවත් එක් අයෙකුටත් ඇතුළු වීමට අවසර හිමිවන බව මැතිවරණ කොමසමේ ආරංචි මාර්ග සදහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න