ජනාධිපතිවරණය සදහා 35ක් නාමයෝජනා දෙයි : වෙල්ගම නොඑයි : විරෝධතා 2ක් !

ජනාධිපතිවරණය සදහා 35ක් නාමයෝජනා දෙයි : වෙල්ගම නොඑයි : විරෝධතා 2ක් !
මෙවර ජනාධිපතිවරණය සදහා ඇප මුදල් තැම්පත් කරනු ලැබූ අපේක්ෂකයන් 41 අතුරින් 35 දෙනෙකු අද (07) නාමයෝජනා භාරදී ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
 
නාම යෝජනා ලබාදීමට දී තිබූ කාලය අද පෙරවරු 11.00 ට අවසන් විය.
 
මෙහිදී කාගේත් අවධානය යොමුවූ කරුණක් වූයේ බලයේ සිටින ජනාධිපති සිරිසේන , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන කිසිවෙකු මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකත්වය නොදැරීමය.
 
එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය නියෝජනය කරමින් ඇප මුදල් තැම්පත්කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම අද නාමයෝජනා ලබාදීමට කටයුතු කර තිබුණේ නැත. ඒ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ ලේකම් නීතිඥ රජිත කොඩිතුවක්කු ද තහවුරු කර සිටියේය.
 
තවද මේ වන විට ජනාධිපතිවරණය සදහා නාමයෝජනා ලබාදී ඇති අපේක්ෂකයන්ට අදාළව විරෝධතා 2ක් ඉදිරිපත් කර ඇති බවත් මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සදහන් කරයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.