Language Switcher

V2025

ආපසු නොහැරෙන්න අපි සීරුවෙන් : තරුණ ජන්ද පදනම දන්වයි !

තරුණ ජන්ද පදනම (YVF ) නමින්  නව තරුණ ව්‍යාපාරයක් බිහිව ඇති අතර "ආපස්සට නොහැරෙන්න අපි සීරුවෙන් " යන පණිවිඩය සමඟ ඔවුන් සිය ක්‍රියාකාරීත්වය ආරම්භ කර ඇත.

මෙම තරුණ ජන්ද පදනම නම් නව තරුණ ව්‍යාපාරය පසුගිය 06 වනදා පදනම් ආයතනයේ පැවැත්වූ පළමු  මාධ්‍ය හමුවට සමගාමීව වැඩිදුරටත් සමාජය සමඟ සම්බන්ධවීමේ අපේක්ෂාවෙන් යුතුව  නිවේදනයක් නිකුත්කර තිබේ.

'ආපස්සට නොහැරෙන්නට අපි සීරුවෙන්' යන ශීර්ෂය යටතේ යොමුකර ඇති එම නිවේදනය තරුණ ජන්ද පදනම - ඩිජිටල් කැඳවුම්කරු අකිල තෙන්නකෝන්ගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි.අපි වනාහී, මෙ මොහොතේ ශ‍්‍රී ලංකාව තුළ ඇති දියුණුම තරැුණ එකමුතුවයි. දුප්පත් තරැුණි තරුණියන්, පොහොසත් තරුණ තරුණියන්, තරුණ නීතිවේදීන්, තරුණ නිර්මාණශිල්පීන්, තරුණ කම්කරුවන්, තරුණ ධීවරයින්, තරුණ කලාකරුවන්, තරුණ විශ්ව විද්‍යාල සිසුන්, තරුණ පරිගණක ඉංජිනේරුවන්, තරුණ ක‍්‍රීඩක ක‍්‍රීකඩිකාවන්ගෙන් පන්නරය ලබන,

 අපි,
සාම්ප‍්‍රදායික ෆෙස්බුක් වලින් ඔබ්බට ගිය ඩිජිටල් මාධ්‍යය මතින් අපි ලංකාව පුරා දීර්ඝ කාලයක් තිස්සේ ඉතා හොඳින් සංවිධානය වී සිටින්නෙමු. අපිට තෙබන දේවල් ගැන කියන්නට කොතෙක් 

ඇති මුත්,
ඇත්තටම අපි මේ ලෙසින් සංවිධානය වූවේ අපිට තිබෙන දේවල්වලට වඩා අපිට නැති දේවල් මහා ගොඩක් ඇති බැවිනි.
අපි දේශපාලන සංවිධානයක් නොව, තරුණ සංවිධානයකි.
අපි, පෙරමුණක් නොව අරමුණකි.
අපිට ලාබ ඉපයීමේ අරමුණු නැත.
අපි රාජ්‍ය නොවන සංවිධානවලින් පැවත එන හෝ, රාජ්‍ය නොවන සංවිධානයක් හෝ නොවේ.
අපිට, ආදර්ශමත් වැඩිහිටි පරම්පරාවක් නැත. ඔවුන් වසර 70ක් තිස්සේ ආයෙ ආයෙත් ඇන්දෙමින් සිටියි.එලෙස නම් අපි කුමක් කරමුද?ජනතාවට සර් කියන්ඩෝන ජනතා සේවකයින්ට

ජනතාව සර් කියපු රටක
මාරයෝ වගේ පාරෙ යන බස්වලින් ජීවිත අමාරුවෙන් බේරගෙන
අයින් වෙලා පයින් ගිහින්,
වමට සිග්නල් දාලා දකුණට හරවන
සහෝදරයින්ගෙ කතා අහගෙන
හනමිටි හැරමිටි  
අලූත් තැටිවල එන පරණ රොටි
රුළි කැරලි පෙරලි සද්ද බද්ද යුද්ධ මැද්දෙ
සීයලාට අප්පච්චි කිය කිය
ලොකු උන අපි,
මේ සැරේ
සීරුවෙන්.
මේ,
අන්තිම සහ හොඳම අවස්ථාව නිසා අපි සීරුවෙන්.
ඉවසීමෙන් හිතලා විමසීමෙන් බලන්න
අපි සීරුවෙන්.
පෙරමුණකට නෙමෙයි,
අරමුණකට පෙළගැහෙන්න
අපි සීරුවෙන්.
ආයෙත් වහලූන් නොවන්නට අපි සීරුවෙන්.
තරුණ පරම්පරාව මෝඩ පරම්පරාවක්
නෙමෙයි කියලා ඔප්පු කරන්න
අපි සීරුවෙන්.
ලෝකයෙන් තනි නොවෙන්නට අපි සීරුවෙන්
ලෝකය එක්ක අපි සීරුවෙන්.
රට හදන්න පුළුවන්
බය කරලා නෙමෙයි
තරුණ කරලා කියන්න
අපි සීරුවෙන්.
මිලිටරිකරණයට එරෙහිව අපි සීරුවෙන්.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් අපි සීරුවෙන්.
සාමයෙන් ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් අපි සීරුවෙන්.

ආපස්සට නොයන්න

අපි සීරුවෙන් .

අපේ යෝජනාව සහ මෙහෙයුමහැමෝම අවුරුදු 65න් විශ‍්‍රාම යන රටක දේශපාලකයින් පමණක් විශ‍්‍රාම නොයාමට අපි විරුද්ධව අපි සීරුවෙන්.

හැත්තෑවත් පැනපු සීයලා ආච්චිලා රට අතට ගන්නවට විරුද්ධව අපි සීරුවෙන්.

රටක් හදනවා වගේ භාර¥ර වැඩක් සීයා කෙනෙක්ට භාර දෙනවට විරුද්ධව අපි සීරුවෙන්.

ඒ අය පව් නිත නින්ද යනවා. ඒ අය නිදියාගැනීමේ වරදක් නෑ.

හැබැයි පාර්ලිමේන්තුවේ නම් නෙවෙයි.

මේ රට හැරමිටියෙන් යන්නේ ඒනිසයි.

225 එපා කිව්වට එක ඡන්දෙකින් එක රැයකින් 225ම ගෙදර යැවීම ප‍්‍රායෝගික නෑ.

එලෙස කිරීමේ අවශ්‍යතාවයකුත් නෑ.

අද තරුණ පරපුර ඊට වඩා ප‍්‍රායෝගිකයි.

අපිට කරන්න පුලූවන් හොඳම දේ, උඩම පුටුවට කෙනෙක් තෝරන්නට අපිට ලැබෙන මේ අවස්ථාවේ,

රටේ ජනාධිපතිකම විශ‍්‍රාම යන වයසේ සීයලාට නොව වැඩ කළ හැකි තරැණයෙක් අතට පත්කිරීමයි.

අපි සීරුවෙන් ඉන්නේ ඒ වෙනුවෙනුයි.මේ රට හදන්නට හැකි වන්නේ බය කිරීමෙන් නොව තරුණ කිරීමෙන් බව අපේ විශ්වාසයයි.

කාලයක් තිස්සේ රට වටේ ලෝකෙ වටේ නිහඬව සංවිධානය වුණ අපි,

2020 ජනාධිපතිවරණය එනතුරු කල් බලමින් සිට, කලිනුත් නැති, ප‍්‍රමාදත් නැති හොඳම අවස්ථාවේ එළියට බහින්නේ,

ඒ හෘද සාක්ෂියට වගකියන කාර්යය වෙනුවෙන් සීරුවෙන් සිටිමටයි.

ආපස්සට නොයන්නට අපි සීරුවෙන්.