ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ අපේක්ෂකයා සජිත් දිනවන මංගල රැළිය : අද ගෝල්ෆේස් පිටියේ !

ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ අපේක්ෂකයා සජිත් දිනවන මංගල රැළිය : අද ගෝල්ෆේස් පිටියේ !

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජය තහවුරු කරන මංගල ජන රැළිය අද (10) පැවැත්වෙයි.

මෙම ජන රැළිය අද පස්වරුවේ කොළඹ, ගෝල්ෆේස් පිටියේදී එක්සත් ජාතික පෙරමුණේ නායකයින් ඇතුළු විශාල පිරිසකගේ දායකත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සම්පාදනය කර ඇති බව අමාත්‍ය නලින් බණ්ඩාර පවසයි.

මේ අතර රැළියේ සංවිධායකයකු සඳහන් කර සිටියේ අතිවිශාල පාක්ෂික සංඛ්‍යාවක් අද ගෝල්ෆේස් පිටියට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

දශක දෙකකට පසුව මෙවර ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට හැකිවීම සම්බන්ධව පාක්ෂිකයන් තුළ ඉමහත් උද්යෝගයක් ඇති බවත් ඔහු පැවසීය.

තවද මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ සියළු නායකයන් එකමුතුව පක්ෂයේ අපේක්ෂකයා ජයග්‍රහණය කරවීම වෙනුවෙන් කැපවී සිටින බවත් එය පාක්ෂික ධෛර්යය තවත් නංවන්නක් වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න