ඊළඟ ජනාධිපති ජන නායකයෙක්ද ? ජන ඝාතකයෙක්ද ? අගමැති රනිල් 

ඊළඟ ජනාධිපති ජන නායකයෙක්ද ? ජන ඝාතකයෙක්ද ? අගමැති රනිල් 

මීළඟ ජනාධිපති කළ යුත්තේ ජනතාව වෙතින් මතුවූ නායකයෙක්ද ජන ඝාතකයෙක්ද යන්න ජනාධිපතිවරණය අවස්ථාවේ රටේ ජනතාව තීන්දු කල යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (10) කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය තහවුරු කරන මංගල ජන රැළිය අමතමිනි.

ජනතාව වෙතින් මතුවූ ජනප්‍රිය නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මෙවර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර ඇති බවත් එබැවින් ඔහුව ජයග්‍රහණය කරවා ලබාලත් බලය අඛණ්ඩව තබා ගැනීමට සියලු දෙනා කැපවිය යුතු බවත් එහිදී අග්‍රාමාත්‍යවරයා පැවසීය.

එසේම ගාලුමුවදොර පිටිය මුහුද දෙසට වන්නට තවත් මීටර් 40ක් පළල් කරන බවත් හම්බන්තොට අක්කර 10000ක කර්මාන්ත කලාපයක් ඇති කරන අතර  කොළඹ නගරය තුළ කුළුනු මතින් යන මාර්ග දෙකක ඉදිකිරීම් ආරම්භ කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

මේ වන විට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ ඉදිකිරිම් ආරම්භ කර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න