ගෝල්ෆේස් පිටියට ජන ගඟක් : ජාතික ආරක්ෂාව සරත් ෆොන්සේකාට !

ගෝල්ෆේස් පිටියට ජන ගඟක් : ජාතික ආරක්ෂාව සරත් ෆොන්සේකාට !

තමන්ගේ ආණ්ඩුවකින් රටේ ජාතික ආරක්ෂාව පාර්ලිමේන්තු මන්ත්‍රී  ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට භාර දෙන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි. 

ගෝල්ෆේස් පිටියේ අද (10) පැවැත්වුණු  ජන රැළිය අමතමින් ඔහු මේ බව පැවැසීය.

"ජාතික ආරක්ෂාව තහවුරු කරන්නට නම් ජාතික ආරක්ෂාවේ වගකීම දෙන්න ඕන සෝබන කාරයන්ට නෙමෙයි රණවිරුවන්ගේ කරපිටින් ආපු සරත් ෆොන්සේකා මහතාට ජාතික ආරක්ෂාවේ ඉහළම වගකීම භාර දෙනවා." යනුවෙන් ඔහු එහිදී පැවසීය.

එසේම තමාගෙන් ප්‍රකාශ වුණ 'ශ්‍රී මුඛ' වචනයට තමන් සමාව ඉල්ලා සිටින බවත් " පොදු ජනතාවගෙන් සමාව ඉල්ලන්න සජිත් පැකිලෙන්නේ නෑ" යැයිද  ඔහු ප්‍රකාශ කළේය.

ගෝල්ෆේස් පිටියට ජන ගඟක් !

මේ අතර අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරන ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය සහතික කිරීම වෙනුවෙන් පැවැත්වුණු මෙම ජන රැලිය මෑත ඉතිහාසයේ වැඩිම ජන සහභාගීත්වයක් දක්නට ලැබුණු රැලිය බවය. 

එහි අවස්ථා කිහිපයක් පහත දැක්වෙයි.

IMG 20191010 WA0002

IMG 20191010 WA0016

IMG 20191010 WA0017

IMG 20191010 WA0004

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න