ජේ ශ්‍රී රංගා නීතියෙන් රිංගලා මාට්ටු !

ජේ ශ්‍රී රංගා නීතියෙන් රිංගලා මාට්ටු !
රිය අනතුරක් පිළිබදව තොරතුරු වසන් කිරීම හා එම රිය අනතුර සිදුකළ සැකකරුට එරෙහිව නීතීය ක‍්‍රියාත්මක නොකොට ඔහුට පළා යෑමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ. ශ්‍රී රංගා හා වව්නියාව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, පොලිස් අධිකාරීවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 06 දෙනෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතීපතිවරයා පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට ඊයේ (16)  නියමකර ඇත.
මන්ත‍්‍රීවරයා අතින් සිදුවු රිය අනතුරකින් ඔහුගේ ආරක්‍ෂ නිලධාරියා මියයෑමේ සිද්ධියට අදාළව තොරතුරු වසන් කිරීම හා අනතුර සිදුකළ සැකකරුට එරෙහිව නීතීය ක‍්‍රියාත්මක නොකොට ඔහුට පළා යෑමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වල උධෘත සැළකිල්ලට ගැනීමෙන් අනතුරව නීතිපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා  එලෙස නියෝග කළ බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නිශාරා ජයරත්න පවසයි.
 
හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රීවරයා හා පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරව ඔවුන්ගේ ප‍්‍රකාශ සටහන් කරගෙන ඔවුන් සැකකරුවන් ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස නීතීපතිවරයා පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට වැඩිදුරටත් නියම කළ බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නිශාරා ජයරත්න වැඩිදුරටත් දන්වයි.
 
හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රී ජේ. ශ්‍රී රංගා ට ලැබුණු බලපත‍්‍රයක් මත ඔහු විසින් ලබාගත් ලියාපදිංචි නොකළ මෝටර් රථයෙන් ඔහු සිය ආරක්‍ෂක නිලධාරීයා ලෙස කටයුතු කළ පොලිස් නිලධාරියා සමඟ 2011 මාර්තු මස 30 වැනිදා ගමන් කරමින් සිට ඇතැයිද එසේ ගමන් කරමින් සිටියදී වව්නියාව සෙට්ටිකුලම් රෝහල අසලදී ගසක හැපී අනතුරක් සිදුවී ඇතැයිද එහිදී පැවසූ අතර  එම අනතුරෙන් හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රී ජේ. ශ්‍රී රංගාගේ මෝටර් රථයේ ගමන් කළ ඔහුගේ ආරක්‍ෂක නිලධාරීයා ලෙස කටයුතු කළ පොලිස් සැරයන්වරයා මියගොස් ඇතැයිද දැනුම් දුන්නාය.
 
 අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථය පැදවුවේ මියගිය පොලිස් සැරයන්වරයා බවට හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රී ජේ. ශ්‍රී රංගා  පොලිසියට දැනුම් දී ඇතැයිද නමුත් ඇත්තෙන්ම ඒ අවස්ථාවේදී මෝටර් රථය පදවා ඇත්තේ  මියගිය පොලිස් සැරයන්වරයා නොව හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රී ජේ. ශ්‍රී රංගා  බව පොලිස් නිලධාරීන් දැනගෙන සිට ඇතැයිද පැවසු නිශාරා ජයරත්න ඒ අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථය පදවා ඇත්තේ  මියගිය පොලිස්  සැරයන්වරයා නොව හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රී ජේ. ශ්‍රී රංගා  බව දැන දැනම ඔහුට එරෙහිව නීතීය ක‍්‍රියාත්මක නොකොට ඔහුට පළා යෑමට වව්නියාව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, පොලිස් අධිකාරීවරයා, සෙට්ටිකුලම් පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් ආධාර අනුබල දී ඇති බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය සිදුකළ විමර්ශනයකදී හෙළි වී ඇතැයිද පැවසුවාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න