රට නොබෙදා බලය බෙදීම : හංස ප්‍රතිපත්තිය අගමැති කියයි !

රට නොබෙදා බලය බෙදීම : හංස ප්‍රතිපත්තිය අගමැති කියයි !

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා අදහස් දැක්වූ බහුතර පාර්ශවයන් මේ වන විට ඒකීය ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදීම සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණ ඇති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මෙහිදී රට නොබෙදා බලය බෙදීම සිදුවිය යුතු බවත් අවධාරණය කළේය.

ඒකීය යන වචනයෙන් අර්ථ නිරූපණය විය යුත්තේ එක රටක් යන්න බව ද වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා  වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

ඊයේ (16) යාපනය උදයන් පුවත්පත් කාර්යාලය වෙත ගොස් එහි කර්තෘ මණ්ඩල සාමාජිකයන් සමග සාකච්ඡාවක නිරත වූ අවස්ථාවේ නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ අවසන් තීන්දුව ගැනීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුව හා ජනතාව වෙත බවය.ඒ නිසා බහුතර ජනතාවගේ එකඟත්වය ලබා ගනිමින් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කාර්යය ඉදිරියට ගෙන යා යුතු බව ද අගමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසුව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යන්නේ දැයි යනුවෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් වික්‍රමසිංහ මහතා පැවසූයේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පමණක් නොව, ආර්ථික හා සමාජයීය ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යමින්, ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් ලෙස ඔසවා තබන්නට නම් ජනාධිපතිවරණය ජයග්‍රහණය කොට, ඉන් පසුව එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවයි.සුළුතර ආණ්ඩුවක් සහිතව තමන් ජනතාවට දිනා දුන් ජයග්‍රහණ තව තවත් ශක්තිමත් කර, තහවුරු කළ හැක්කේ බහුතර ආණ්ඩුවක් ඔස්සේ බව ද වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා  පෙන්වා දුන්නේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න