TNA කතා බොරු : දිලිත්ගේ මාධ්‍ය මාෆියාවට මංගලගෙන් ප්‍රහාරයක් (VIDEO)

TNA කතා බොරු : දිලිත්ගේ මාධ්‍ය මාෆියාවට මංගලගෙන් ප්‍රහාරයක් (VIDEO)

'පොහොට්ටු' පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂගේ ජ්‍යෙෂ්ඨ උපදේශක දිලිත් ජයවීරගේ මාධ්‍ය ජාලය විසින් දෙමල ජාතික සන්ධානය සම්බන්ධයෙන් අමුලික බොරු ප්‍රචාරය කර ජාතිවාදය උසිගන්වමින් පටු දේශපාලන වාසි ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

ඔහු එබව සඳහන් කර සිටියේ, දිලිත් ජයවීරගේ 'අරුණ' පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් යුතු පළකර තිබු වාර්තාවක් සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටියේය. 

''දිලිත් ජයවීර මහත්මයාගේ පච ෆැක්ටරියෙන් එහෙම නැත්නම් පච අපායෙන් අද නිකුත් වුණ මේ පච පත්තරේ සුපුරුදු පරිදි ජනතාව නොමග යවන සම්පූර්ණයෙන්ම අසත්‍ය  ප්‍රකාශ කරනවා. මේකේ තියෙනවා ටීඑන්ඒ සංවිධානය විසින් සිංහල ගම්මාන පන්සල් වහාම ඉවත් කරන්නට අපෙන් ඉල්ලලා තියෙනවලු, මේක සම්පූර්ණ අසත්‍යයක්. 

ඇත්ත වශයෙන්ම මහින්ද රාජපක්ෂ වගේ අපි කවදාවත් එල්ටිටී සංවිධානයෙන් උවවු අරගෙන නැහැ. හැංගිහොරා ඒ අයට සල්ලි ගෙවලා 2005 වගේ ඒ අයගේ සහයෝගය අරගෙන ඡන්ද දිනලත් නැහැ. අපි ටීඑන්ඒ සංවිධානයත් සමග ඇති කරගත් අවබෝධතාවයන් සියල්ලක්ම ප්‍රසිද්ධියේම අ‌පේ මැතිවරණ ප්‍රකාශයේ මේ රටේ ජනතාවට බලා ගන්නට පුලුවන්. 

අද පරාජය ඉදිරියේ වියරු වැටී සිටින මේ දිලිත් ජයවීර කල්ලිය මේ වගේ බොරු ප්‍රවෘත්ති දාලා ජනතාව නොමග යවන්න හදනවා. 

''ගෝඨාබය වීරයෙක් නෙමෙයි. නිවටයෙක්, බය ගුල්ලෙක් '' 

test23

අනික් පැත්තෙන් ගෝඨාබය රාජපක්ෂ අපේ රණවිරුවන් ආරක්ෂා කරපු දැවැන්ත වීරයෙක් හැටියට පෙන්වන්නට හදනවා. මම මීට පෙරත් කීප වතාවක් කියලා තියෙන ආකාරයට ගෝඨාබය රාජපක්ෂ කියන්නේ නිවටයෙක් බය ගුල්ලෙක්. යුද්ධයේ උච්චතම අවස්ථාවේ පැනලා ගියපු නිවටයෙක්. 

සුපුරුදු  පරිදි අවුරුදු දහයක් තිස්සේ ඒ අය අපේ ආබාධිත සෙබළුන් පෙන්නලා රණවිරුවන් පෙන්නලා තමන්ගේ පවුල් බලය ස්ථාවර කර ගත්තා වගේම, අනික් පැත්තෙන් කොටින් පෙන්නලා බෙදුම්වාදීන් පෙන්නලා ඒ අයව හොර රහසේ පෝෂණය කරන ගමන් යළි වතාවක් මේ ර‌ටේ සාමාන්‍ය ජනතාව නොමග යවන්න කරන මේ නීච උත්සාහය අපි තරයේ හෙළා දකින්න ඕනේ. ''
වීඩියෝ 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න