සියවසේ මහා පාවාදීම සිදුකර : ගෝඨාබය කැලිෆෝනියා නඩුවෙන් බේරෙයි !

සියවසේ මහා පාවාදීම සිදුකර : ගෝඨාබය කැලිෆෝනියා නඩුවෙන් බේරෙයි !

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන ගෝඨාබය රාජපක්ෂට එරෙහිව ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් අමෙරිකානු අධිකරණයක ගොනු කළ චෝදනාව එම අධිකරණ විසින් නිෂ්ප්‍රභා කර තිබේ.

අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාහි දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරුවරයෙකු විසින් මෙම නඩුව නිෂ්ප්‍රභ කර ඇති බව වාර්තා වෙයි.

ගෝඨාබය රාජපක්ෂට එරෙහිව අප්‍රේල් මස 04 වනදා ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වෙනුවෙන් යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.

ගෝඨාබයගේ නීතිඥයන් විසින් ගොනු කරන ලද ප්‍රතිචාරය:

අහිම්සා වික්‍රමතුංග විසින් එක්සත් ජනපදයේදී ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ගොණු කරන ලද නඩුව ඉවත දැමීම සඳහා රාජපක්ෂගේ නීතිඥයන් විසින් ගොනු කරන ලද ප්‍රතිචාරය -

# ගෝඨාබයගේ නීතිඥයන් සඳහන් කරන පරිදි ලසන්තගේ ඝාතනය "රාජ්‍ය ක්‍රියාවක්" වන අතර, එහිදී ඔහු විසින් කරන ලද කාර්ය අයත් වන්නේ "රාජකාරි කටයුතු" ලෙසය.

# ඒ පදනම මත ගෝඨාබය "විදේශ නිළධාරියෙකු" ට හිමි නෛතික විනිර්මුක්තිය ඉල්ලා සිටියේය ( ඇමරිකාවෙන් )

# අහිම්සා කියා සිටියේ, ගෝඨාබය එහිදී "රාජකාරි කටයුත්තක්" සිදු කළා වුවද, ඔහු ඇමරිකානු පුරවැසියෙකු බැවින්, ඇමරිකානු අධිකරණ වලින් ඔහුට බේරී සිටීමට පදනමක් නොමැති බවයි.

# අධිකරණය අවසානයේදී තහවුරු කලේ, ලසන්ත ඝාතනය රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුවූවක් බවත්, ගෝඨාබයගේ ඇමරිකානු පුරවැසිභාවය මතභේදයට තුඩු දී තිබුණද, එහිදී විදේශ නිළධාරියෙකු ලෙස ඝෝඨාබය රාපක්ෂට ඇමරිකාව තුළ විනිර්මුක්තිය හිමි බවත්ය.

# මෙහි හරය ගෙන බලන කල, ඇමරිකානු අධිකරණය ගෝඨාබය නිර්දෝෂි බව කියා නැත. ඔවුන් කියන්නේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය ශ්‍රී ලංකාවේ රජය විසින් කරන ලද්දක් වන අතර, ගෝඨාබය ශ්‍රී ලංකා රජයේ නිළධාරියෙකු නිසා, ඔහුට එහිදී විනිර්මුක්තය හිමිවන බවයි.  

# අහිම්සා පවසන අන්දමට ඇය මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන්නට සූදානම් වන්නීය. "මාධ්‍යවේදියෙකු, ඔවුන්ගේ වාර්ථාකරණය හේතුවෙන් මරා දැමීම "රාජ්‍ය ක්‍රියාවක්" නොවන බව"  ඇ‍ය කියයි. 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න