ගෝඨාගේ සහය අපේක්ෂක : හිස්බුල්ලාට නඩු වැටෙන ලකුණු !

ගෝඨාගේ සහය අපේක්ෂක : හිස්බුල්ලාට නඩු වැටෙන ලකුණු !

මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය ලියාපදිංචි කිරීමේ දී නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර  එම්. ඒ. එල්. එම්. හිස්බුල්ලා  ක‍්‍රියාකර ඇති ආකාරය නීති විරෝධී බැවින් ඔහුට විරුද්ධව නීතිමය පියවර ගැනීම සදහා  අධ්‍යාපනය හා මානව සම්පත් පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිර්දේශ සහිත වාර්තාව කථානායකවරයා වෙත භාරදුන් බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී  ආශු මාරසිංහ ප‍්‍රකාශ කරයි.

ආශු මාරසිංහ මන්ත‍්‍රීවරයා මේ බව සදහන් කර සිටියේ   සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

හිස්බුල්ලා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස සිටිමින් ඔහු රජය සමග ගිවිසුම් අස්සන් කර ඇතැයි ද 2013 සහ 2016 දී එවකට පැවැති ආණ්ඩු සමග ඔහු ගිවිසුම් අත්සන් කර ඇතැයි ද පැවසූ මාරසිංහ මන්ත්‍රීවරයා  ඒවා සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව අධ්‍යාපනය හා මානව සම්පත් පිළිබද ආංශික කාරක සභාව නිරීක්ෂණය කළ බව ද කියා සිටියේය.

මේ තත්ත්වය යටතේ ඔහුගේ මන්ත‍්‍රීධුරය අතීතයට බලපාන පරිදි අහෝසි කළ යුතුයැයි එම කාරක සභාව නිර්දේශ කර ඇතැයි ද හෙතෙම සදහන් කළේය.

මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය පිළිබදව තම කාරක සභාව මගින් කළ පරික්ෂණයෙන් පසු සකස් කළ සම්පූර්ණ වාර්තාව මේ වනවිට කථානායකවරයාට බාර දී ඇතැයි කී මන්ත‍්‍රීවරයා කථානායකවරයා ඔහුට එරෙහිව නඩු පැවරීමට එය නීතිපතිවරයා වෙත භාරදෙනු ඇතැයි ද පැවසීය.

කිසිදු මන්ත‍්‍රීවරයෙකුට රජය සමග ගිවිසුම් අස්සන් කළ නොහැකි යැයි ද එය නීති විරෝධී යැයි ද පෙන්වා දුන් ඔහු  මන්ත‍්‍රීවරයෙකු එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව නඩු පවරන මුල්ම අවස්ථාව මෙය විය යුතු යැයි ද කියා සිටියේය.

හිස්බුල්ලාගේ සහය ගෝඨාට : දිනුවොත් විශ්වවිද්‍යාලය යළිත් !

මේ වන විට හිස්බුල්ලා ජනාධිපති අපේක්ෂකයකු ලෙස ස්වාධීනව තරග කරන අතර ඒ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස ගේ ජන්ද කැඩීමට බවත් තහවුරුව තිබේ.

ඔහුව ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කර ඇත්තේ බැසිල් රාජපක්ෂ බවත් ඒ ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළහොත් නැගෙනහිර පළාතේ පිහිටුවා තිබෙන විශ්වවිද්‍යාලය නැවත හිස්බුල්ලා වෙත පැවරීමේ පොරොන්දුව මත බවත් දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනූව මේ වන විට හිස්බුල්ලා සිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකරන්නේ ගෝඨාභය රාජපක්ෂගේ රුවත් ඇතුලත් ප්‍රචාරක පත්‍රිකා යොදාගනිමින් ය. අවම වශයෙන් ඒ සම්බන්ධව කිසිදු ප්‍රතික්ෂේප කිරීමක් හෝ පොදුජන පෙරමුණ පාර්ශවයෙන් සිදුව නැත.

hisbull 1

ඒ නිසාම මේ වන විට හිස්බුල්ලා අන්තවාදය පෝෂණය කිරීමට දායක වූවෙකු ලෙස පොදුජන පෙරමුණේ පාර්ශව වෙතින් චෝදනා ලබන්නේ නැත. එසේම පොදුජන පෙරමුණේ අන්තවාදී කොටස් පසුගිය සමයේ ගෙනගිය හිස්බුල්ලා සහ  මුස්ලීම් විරෝධය මුළුමනින්ම ජනතාව නොමග යැවීමේ නින්දිත උත්සාහයක් බවත් තහවුරු වෙයි. 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න