ජාතික ඒකාබද්ධතාව උදෙසා ජාතික හා ආගමික සංහිඳියාවේ ඡායාරූපික ප්‍රවේශය - ශ්‍රද්ධා සේයා

ජාතික ඒකාබද්ධතාව උදෙසා ජාතික හා ආගමික සංහිඳියාවේ ඡායාරූපික ප්‍රවේශය - ශ්‍රද්ධා සේයා

ශ්‍රද්ධා සේයා ඡායාරූප තරගය සහ ප්‍රදර්ශනයේ නිල වේබ අඩෙවිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කථානයක ගරු කරු ජයසූරිය මැතිතුමා අතින් 2018 පෙරවාරි මස 05 වන සඳදා පෙරපවරු 10.12 ට යෙදුනු සුබ මොහොතින් නිල වශයෙන් ජන ගතවීය. මෙම ව්‍යාපෘතිය ජාතික ඒකාබද්ධ සහ ප්‍රතිසංවිධාන අමාත්‍යාංශයේ සහ යෝගයෙන් සේයාරූ සිප්හල සහ සේයාරූ සඟරාව සංවිධානය කරයි.

තරගය විවෘත, පාසල් ශිස්‍ය සහ උසස් හා වෘත්තීය අධ්‍යාපන ශිෂ්‍ය වශයෙන් ප්‍රධාන කොටස් තුනෙකි. මෙම අංශ සඳහා සම්මත පටල හෝ අංකිත කැමරා මගින් ගනු ලබන ඡායාරූප ඉදිරි පත් කළ හැකිය. සිව්වැනි අංශය ජංගම දුර කථන මගින් ගනු ලබන ඡායාරූප වෙනුවෙන් වෙන් වී ඇත. පිලිවෙලින් රුපියල් ලක්යෂ, හැත්තෑපන් දහස සහ පනස් දහසප බැගින් වටිනා වවුචර පත් පළමුවැනි, දෙවැනි සහ තෙවැනි ත්‍යාග ලෙස අංශ හතරටම පිරි නැමේ. එක් එක් අංශ වලට සිව්වන ස්ථානයේ සිට දහ තුන් වන ස්ථානය දක්වා රැපියල් දස දහස බැගින් වූ ත්‍යාග ද පිරි නැමේ.

නිර්මාණ ඉදිරි පත් කිරීම වෙබ් අඩෙවිය හරහා සිදු කල හැකි අතර නිර්මාණ භාර ගැනීම මැයි මස 31 වනදා දක්වා විවෘතව පවතී. ත්‍යාග ප්‍රදානය සහ කොළඹ ප්‍රදර්ශනය ජූලි මස පැවැත්වේ. වැඩි විස්තර සඳහා www.shraddhaseya.org වෙබ් අඩෙවියෙන්ද shraddhaseya ෆේස් බුක් පිටුවෙන්ද ලබා ගත හැකිය.

{gallery}seyaru{/gallery}

වමේ සිට - අබ්දුල් රහමන් අක්ජු මව්ලවී තුමා, එඩ්මන්ඩ් තිලකරත්න පියතුමා, කුමාර එදිරිසූරිය, මහාචාර්ය පූජ්‍ය කිවුලේගෙදර නාරද ස්වාමීන්වහන්සේ, අනුරුද්ධ පියදාස, කතානායක කරු ජයසූරිය මැතිතුමා, ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා, නිකරිල් කාන්ත් මහතා (ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසංවිධාන අමාත්‍යාංශය), විජේසිංහ දිසානායක මහතා (නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය)

{gallery}seeya{/gallery}

ඡායා - කල්ප දසුන් ගමගේ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න