එල්ලෙන්න වැල්නැතිවූ ගොට්ටන් : පාක්ෂිකයන් රවටන්නේ මෙහෙමයි !

එල්ලෙන්න වැල්නැතිවූ ගොට්ටන් : පාක්ෂිකයන් රවටන්නේ මෙහෙමයි !

සියළු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස වටා ගොනුවෙමින් සිටින අතර ඒ හමුවේ පොහොට්ටු පාර්ශවය බරපතල අර්බුදයකට මුහුණදී ඇති බව වාර්තා වෙයි.

ඒ බව තවත් උග්‍ර වී ඇත්තේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගේ ප්‍රධානත්වයෙන් අද (05) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පවත්වන "අපි ශ්‍රී ලංකා " සංවිධානයේ පළමු සමුළුවට සැලකියයුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් පිරිසක් එක්වීමත් සමගය.

ඒ සමග ගෝඨාභය රාජපක්ෂගේ පරාජය තවත් තහවුරු කෙරෙන්නේ දෙමළ ජාතික සන්ධානය ඇතුළු සියළු දමිළ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ සහ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා සහ රවුෆ් හකීම් අමාත්‍යවරයා ගේ මුස්ලීම් ප්‍රජාවේ ශක්තිමත් පක්ෂ සියල්ලේ සහය දිනා ගැනීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ අපේක්ෂකයා සමත්ව තිබීම හමුවේය.

ඒ පසුබිමේ පරාජයේ සෙවනැලි වලින් පාක්ෂිකයා බේරා ගැනීමේ උත්සාහයක් ලෙස කුඩා පක්ෂ සංවිධාන බුරුතු පිටින් ගෝඨාභය වටා එක්වන බව සදහන් සාවද්‍ය පුවත් නිර්මාණය කරන්න එම පාර්ශවයේ මාධ්‍ය ක්‍රියාකාරීන් කටයුතු කරමින් සිටියි.

වඩාත් හාස්‍යජනක සිදුවීම වන්නේ ඔවුන් දින 52 ව්‍යවස්ථා විරෝධී දේශපාලන කුමන්ත්‍රණය අවස්ථාවේ අල්ලස් මත කුමන්ත්‍රණය වෙත සහය දෙන්න ඊට එක්වූ මන්ත්‍රීවරුන් අලුතෙන් එක්වූ බව දැනෙන්නට පුවත් ප්‍රචාරය කරමින් තම පාක්ෂිකයන් නොමග යැවීමය.

ඊට නිදසුනක් ලෙස "එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය පළ කිරීමට එක්වී තිබේ " යන පුවත දැක්විය හැකිය.

ඔහු ඊයේ (04) දිනයේ නාත්තන්ඩියේ පැවති ජනහමුවකට එක්වෙමින් සිය සහයෝගය ගෝඨාභය රාජපක්ෂට දෙන බව පැවසූ පුවතක් වාර්තා වුවත් ඔහු ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ පොදුජන පෙරමුණ වෙත එක්වූයේ අපකීර්තිමත් දින 52 කුමන්ත්‍රණය අවස්ථාවේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න