ගෝඨා වැඩේ කරගෙන අතෑරලා : අනාථවූ චන්න හඬා වැටෙයි ! (වීඩියෝ)

ගෝඨා වැඩේ කරගෙන අතෑරලා : අනාථවූ චන්න හඬා වැටෙයි ! (වීඩියෝ)

''ගෝඨාබය නාම යෝජනා දුන්නට පස්සෙ අපිව පැත්තකට දාල. දිනුවොත් අපිව කුණූ කූඩෙට තමා” යයි මහචාර්ය චන්න ජයසුමන පවසයි.

ග්‍රන්ථයක් එළිදැක්වීමේ උත්සවයක ආරාධිත දේශනය කරමින් ඔහු එබව කියා සිටියේය. තවදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා මෙසේද පැවසිය.

''ඇත්තටම අපි අවුරූදු හතරක් තිස්සේ යම් කැපකිරීමක් කරා ජාතික ව්‍යාපාරය හැටියට එහෙම නැත්නම් අපේ මහා සංඝරත්නය පෙරටු කරගෙන අපි යම් අපේක්ෂකයෙක්ව ඉදිරියට ගෙන ඒම සඳහා. මම පෞද්ගලිකව හිතනවා ඒ කටයුත්තට අපිට සාර්තකව උරදෙන්න පුළුවන්කම ලැබුණා ,එ කටයුත්ත අපි ඉෂ්ඨ සිද්ධ කරා කියලා. 

හැබැයි නාමයෝජනා දුන්නට පස්සේ දැන් අපේ වටිනාකමක් නැහැ. ඒක මම දැන්මම කියන්න ඕනේ. ඒ වගේම තමයි ජනාධිපතිවරණයෙන් පස්සේ දැනට තියෙන වටිනාකමත් නැති වෙයි කියලා තමයි මගේ පෞද්ගලික කල්පනාව. 

දැන් හුඟ දෙනෙක් කියනවා 225 ම එපා දැන උගත් අලුත් පරපුරක් ඊඟළ මැතිවරණයකදී ගෙනෙන්නට ඔනැයි කියලා. දැන් නාමයෝජනා හම්බවෙයි කියලා හිතනවද දැන උගත් පරපුරට. දැනඋගත් පරපුරට නාමයෝජනා තියා දැන් ඉන්න කට්ටියටත් නාමයෝජනා දීගන්න බැරුවයි තියෙන්නේ ඇතැම් දිස්ත්‍රික්කවල. 

''දැනඋගත් පරපුරට නාමයෝජනා තියා දැන් ඉන්න කට්ටියටත් නාමයෝජනා දීගන්න බැරුවයි තියෙන්නේ'' 

ඒ නිසා මේ ගැන ඉස්සරහට අපිට හුඟක් හිතන්න වෙයි. ජනාධිපතිවරණය නිසාම අපි කතා නොකර ඉන්න දේවල් කිහිපයක් තියෙනවා. මම නම් එහෙම කතා නොකර ඉන්න දේවල් කිහිපයක් තියෙනවා. හුස්බුල්ලගේ විශ්ව විද්‍යාලය, සාෆිගේ ක්‍රියාදාමය සහ ඒහා බැඳිච්ච තවත් කාරණා  කීපයක් ගැන. මේ ටිකේ හිතාමතාම අඩුවෙන් කතාකරනවා එහෙම නැත්නම් කතා නොකර ඉන්නවා. එකක් තමයි කතා කරොත් කෝල් දීල කියනවා කතා කරන්න එපා කියලා. 

අනිත් එක තමයි පස්සේ අපිට චෝදනාවක් එල්ලවෙන්න තියෙනවා අපි කඩාකප්පල් ක්‍රියාවක නිරත වුණා කියලා වගේ චෝදනාවකුත් එල්ලවෙන්න තියෙන නිසා අපිට අපේ කඳුවුර ඇතුලෙන්ම. අන්න ඒ නිසා  අපි සමහර දේවල් අමාරුවෙන්ම දරාගෙන ඉන්නවා. 

හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ හිස්බුල්ලා ඉදිකරපු විශ්වවිද්‍යාලය හොඳයි කියලාවත් සාෆි මුකුත් කරේ නැහැ කියලාවත්. ඒ පිළිබඳ සාධාරණ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුවිය යුතුයි කියන ස්ථාවරයේ අපි සිටිනවා.  අද කවුරු කොහොම කිව්වත් ඒකෙන් අසාධාරණයට ලක්වෙච්ච මිනිස්සු, විශේෂයෙන්ම  සිංහල ජනතාවට සාධාරණයක් ඉෂ්ටවෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න