නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හා සංහිදියාව ආරක්‍ෂාකර ගන්න : සජිත් දිනවන්න - අගමැති 

නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හා සංහිදියාව ආරක්‍ෂාකර ගන්න : සජිත් දිනවන්න - අගමැති 

ශ්‍රී ලාංකීය අනන්‍යතාවය තහවුරු කරලීම අප සියල්ලන්ගේමඅපේක්‍ෂාව වුව ද, රාජපක්ෂ කණ්ඩායම උත්සාහ ගන්නේ ජාතිවාදය තහවුරු කොට බලයලබා ගැනීමට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ ඊයේ  (05) පැවැති පොකුරු රැස්වීම්මාලාවක් අමතමින් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා  ප්‍රකාශ කළේ සිංහල,දෙමළ,මුස්ලිම් ආදී සෑම ජාතියකගේමඑකමුතුවෙන් හා එකඟත්වයෙන් ශ්‍රී ලංකාව පෙරට ගෙන යාම එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛසන්ධානයේ ප්‍රතිපත්තිය බවයි.

ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදා හැරීමේ දේශපාලන විසඳුමක්සඳහා තමන් කැපවී සිටින බවත්, එම විසඳුම සකස් කිරීමේ දී රණසිංහ ප්‍රේමදාස,චන්ද්‍රිකා බණ්ඩාරනායකකුමාරතුංග සහ මහින්ද රාජපක්‍ෂ යන ජනාධිපතිවරුන් සකස් කර ඇති යෝජනා පදනම් කර ගන්නාබවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙවන් පොදු එකඟතාවකින් යුතුව ශ්‍රී ලංකාව අනාගතය වෙතරැගෙන යාම සඳහාත්, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හා සංහිදියාව ආරක්‍ෂා කර ගැනීම සඳහාත්ලබන නොවැම්බර් 16වැනිදා හංසයා ඉදිරියේ කතිරය ගසා සජිත් ප්‍රේමදාස මහතා බලයට පත් කර ගන්නා ලෙස වික්‍රමසිංහමහතා මඩකලපුව ජනතාවගෙන් ඉල්ලා සිටියේය. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න