චන්ද්‍රිකා නෙරපීමේ තීන්දුව කල්දමයි : ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් ඉවතට

චන්ද්‍රිකා නෙරපීමේ තීන්දුව කල්දමයි : ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් ඉවතට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායිකාව හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග විසින් ශ්‍රීලනිප නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යොමුකර ඇති ලිපියට ප්‍රතිචාර දැක්වීම හා ඇයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම ජනාධිපතිවරණය අවසන් වනතෙක් කල්දැමීමට ඊයේ (05) රැස්වූ එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

එසේම චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ ඊයේ (05) පැවැති 'අපි ශ්‍රී ලංකා' සමුළුවට සහභාගි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් පක්ෂයෙන් නෙරපීම වෙනුවට ඔවුන් වෙනුවට ජනාධිපතිවරණ සමය තුළ ගෝඨාබය රාජපක්ෂට සහය දැක්වීමට වැඩ බලන සංවිධායකවරුන් පත් කිරීමට ද ශ්‍රීලනිපය මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

ශ්‍රීලනිප වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිප මූලස්ථානයේ ඊයේ රාත්‍රී පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද සහභාගි වී සිටියේය.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පක්ෂයේ අනුශාසක ධූරයෙන් ඉවත් කරන බව සහ ඇයගේ සාමාජිකත්වය අත්හිටුවන බවට ආරංචි පැතිර ගියද ඊයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් සකච්ඡා වී ඇතත් කිසිඳු තීන්දුවක් ගෙන නොමැත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න