Language Switcher

V2025

සජිත්ගේ එක ලියුමයි : රාජපක්ෂ නිකාය උපවාස කඩේ වහයි !

නියත පරාජයෙන් වියරු වැටී සිටින පොදුජන පෙරමුණ මේ වන විට භික්ෂුවකගේ ජීවිතය අවධානමේ දමා හෝ තම ගොඩ වැඩිකර ගැනීමේ නින්දිත උත්සාහය ව්‍යාර්ථ කිරීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සමත්විය.

ඒ  උඩුදුම්බර කාශ්‍යප හිමි යොදවා දියත්කර ඇති උපවාසය එක ලිපියක් යැවීමෙන්  ව්‍යර්ථ කරමින්ය.

කොළඹ නිදහස් චතුරශ්‍ර භූමියේදී මේ හිමිනම උපවාසය ආරම්භ කර සිටියේ  ශ්‍රී ලංකාව හා ඇමෙරිකාව අතර අත්සන් තැබීමට යෝජනා කර ඇති මිලේනියම් චැලෙන්ඩ් කෝපරේෂන් ගිවිසුමට විරුද්ධ බව පවසමින්ය. 

එහෙත් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස නොවැම්බර් 16 ට පෙර මෙම මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අත්සන් නොතබන බවට සිය නියෝජිතයන් හරහා ලිඛිත දැනුම්දීමක් සිදුකළ අතර ඒ සමඟ උපවාස නාඩගම අත්හරින්නට කාශ්‍යප හිමිට සිදුවිය.

IMG 20191106 WA0001

දැනගෙනත් නෙවෙයි උපවාස කරලා තියෙන්නේ !

මේ අතර පසුගිය දින දෙකක කාලය පුරා එම උපවාසය සම්බන්ධව අවධානයෙන් සිටි අප වාර්තාකරුවන් අනාවරණය කරගෙන ඇත්තේ කාශ්‍යප හිමි මෙකී උපවාසයට වැඩ ඇත්තේ අදාළ ගිවිසුම කිසිම ආකාරයක අධ්‍යයනයකින් තොරව බවයි.  ඒ බව එහි සිටි කිහිපදෙනෙකු වෙතින්ද තහවුරු කර ගැනීමට හැකිව ඇති අතර උපවාසයේ සංවිධායකයන් දුරකථන ඇමතුම් අවස්ථා වලදී එය හඳුන්වා ඇත්තේද "කාසපගේ උපවාස ඉවෙන්ට් එක" ලෙසින්ය.

ඒ අනුව ඉතා පැහැදිළිව මේ උපවාස නාඩගම රාජපක්ෂ නිකාය දියත්කළ ප්‍රෝඩාවක් බව පැහැදිළිය. බුද්ධ චීවරයටත් නිගාදෙන රාජපක්ෂ නිකායේ මේ හැසිරීමේ තවත් හාස්‍ය දනවන සිදුවීමක් වන්නේ මිලේනියම් චැලේන්ජ් ගිවිසුම සම්බන්ධව පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ අදහස ප්‍රසිද්ධියේ ලබාගැනීමට ඔවුන්ට නොහැකිවීමය. 

මෙම උපවාස නාඩගම දියත්කළ රාජපක්ෂ නිකායේ එක් භික්ෂුවක් එවැනි ප්‍රකාශයක් ගෝඨාභය සර් වෙතින් ගැනීමට හැකිනම් වැදගත් බව කියමින් එහි ප්‍රචාරක ප්‍රධානියකු අමතා විමසා ඇති අතර "අනේ මේ හාමුදුරුවනේ කරන එකක් කරගන්න, ඕවා අහන්න ගිහින් මටත් ඉන්න බැරි කරන්නද යන්නේ ?" කියා ඔහු ප්‍රතිචාර දක්වා ඇති බවත් වාර්තා වෙයි.