Language Switcher

V2025

හිරුගේ  රහස එළියට : දුමින්දගේ නිදහස ගැන ගෝඨාභය සහතික වෙලා !

හිරු මාධ්‍ය ජාලය වෙනත් කිසිඳු මාධ්‍යයක් සිදුනොකරන අන්දමින්  මැතිවරණයට අදාළ මාධ්‍ය උපමාන අමුඅමුවේ උල්ලංඝනය කරමින් සහ  ජනතා දෙපළක් වන සංඛ්‍යාත දරුණු අන්දමින් අවභාවිත කිරීමේ නිරතව සිටින්නේ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ලබාදුන් පොරොන්දුවක් මත බව විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.

ඊට අනුව හිරු මාධ්‍ය ජාලයේ ප්‍රධානීන් හමුවේ ගෝඨාභය රාජපක්ෂ සහතික වී ඇත්තේ තමන් ජනාධිපතිවී දවසක්  ඉක්මයාමට පෙර මේ වන විට මරණ දඬුවම ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස් කරන බවයි.

අදාළ නඩු තීන්දුව දෝෂ සහිත බව දක්වමින් ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීමට සූදානම් කරන ලෙසත් එහිදී දන්වා තිබෙන බවද වාර්තා වෙයි. 

අදාළ ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ හිරු නාලිකාව කොන්දේසි විරහිතව මේ මොහොතේ ආණ්ඩුවේ ප්‍රධානීන් ඉලක්ක කර මහා අවලාද ව්‍යාපාරයක් දියත්කර ඇත්තේ සහ කිසිඳු නාලිකාවක් සිදුනොකරන ආකාරයට ප්‍රසිද්ධියේ සිදුකල ප්‍රකාශ පවා විකෘති කරමින් අස්වාභාවික මාධ්‍ය හැසිරීමක නියැලී සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ ලබාදුන් එම සහතිකය නිසා වන බවයි.

රාජපක්ෂ රෙජීම පාලන සමයේ මහින්ද රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යවරයාව, ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස සිටියදී එම අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළේද දුමින්ද සිල්වාය. එසේම දුමින්ද සිල්වා මරණ දඬුවම ලබන්නට නිමිත්ත වූ අපරාධය වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සිදුවූයේ පළාත් පාලන මැතිවරණයක් අවස්ථාවකය. එහිදී ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂ මැතිවරණ ප්‍රචාරක රැස්වීම්  ඇමතීම සඳහා කොළොන්නාවට පැමිණි අතර ඒ දුමින්ද සිල්වා ඉදිරිපත් කල අපේක්ෂකයන්ගේ රැස්වීම් සඳහා පමණි.

එකම කඳවුරේ  දුමින්ද සිල්වාගේ ප්‍රතිවාදියා ලෙස එදා සිටි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඉදිරිපත් කල කිසිඳු අපේක්ෂකයකුගේ රැස්වීම් සඳහා ගෝඨාභය රාජපක්ෂ සහභාගීවූයේ නැත. එවකට දේශපාලන වේදිකාවේදී මේ සම්බන්ධව භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ගෝඨාභයගේ එම ක්‍රියාවද විවේචනය කර සිටි අතර මහ දවාලේ වෙඩි වරුසාවකට ලක්ව මිය යන්න සිදුවූයේද ඒ පසුබිමේය.

මේ පැරණි දේශපාලන හිතවත්කම් සිහිපත් කරන ඉහත ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජයවනතුරු දුමින්ද සිල්වාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම තබා භාරත ඝාතනය සම්බන්ධව නිසි විමර්ශනයක්ද ක්‍රියාත්මක නොවූ බවය.