විරෝධය බොරුවක්, ගෝඨා- සජිත් ගිවිසුමට පක්ෂයි !

විරෝධය බොරුවක්, ගෝඨා- සජිත් ගිවිසුමට පක්ෂයි !

මීට පෙර ආණ්ඩු බලය ලබාගෙන තිබූ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක නියෝජනය කරමින් ජනාධිපතිවරණයට තරග කරන ගෝඨාභය රාජපක්ෂ සහා සජිත් ප්‍රේමදාස යන අපේක්ෂකයන් දෙදෙනාම ඇමරිකාව සමග අත්සන් කිරීමට සුදානම් වන සහශ්‍ර සහයෝගිතා ගිවිසුම  (  Millenium Challenge Compact MCC) සම්බන්ධයෙන් කිසිදු නිශ්චිත අදහස් ප්‍රකාශ කරන්නේ නැත.

ගෝඨාභය රාජපක්ෂ මේ ගිවිසුමට කිසිදු අවස්ථාවක විරෝධය දක්වා නැත. ඔහුට සහය දෙන කණ්ඩායම් පමණක් ප්‍රසිද්ධ වේදිකාවලදි මේ ගිවිසුමට විරුද්ධ බවත්, එමගින් ඇමරිකාවට ඉඩම් පවරන බවත් කියයි. ගෝඨාභය රාජපක්ෂගේ සහෝදරයා වන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද ගිවිසුම සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් මෙතෙක් පළ කර නැත.

සජිත් ප්‍රේමදාස පවසන්නේ ජනාධිපත්වරණයෙන් පසුව විධිමත් ක්‍රමවේද අනුගමනය කරමින් මේ ගිවිසුමට අත්සන් තබන බවයි.  වර්තමාන කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ප්‍රබල ඇමතිවරයෙකු වන ඔහු, මෙය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර, හොර රහසේම අත්සන් කිරීමට දැරූ උත්සාහය සම්බන්ධයෙන් කිසිදු අදහසක් පළ කරන්නේ නැත.

ඇමරිකාව සමග මුලින්ම SOFA ගිවිසුම අත්සන් කර ඇත්තේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක විසිනි. ඉන්පසුව 2007 වසරේදී මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත ඇමරිකාව සමග ACSA ගිවිසුමට අත්සක් කර ඇත්තේ එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ ය. 2017 වසරේදී  ACSA-2 ගිවිසුමට අත්සන් තබා ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහගේ සහා ජනාධිපි මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් මත එවකට හිටපු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාය.

මෙම ගිවිසුම සම්බන්ධව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පසුගියදා අනුරාධපුරයේ පැවති රැලියේදී ප්‍රකාශ කලේ  MCC ගිවිසුම පමණක් නොව රටට අහිතකර සියලු ගිවිසුම් අහෝසිකිරීමට තමන් කටයුතු කරන බවයි.

(ලංකා ඉරිදා සංග්‍රාහය)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න