ගෝඨාභය දිණුවත් පරාදයි : ජනාධිපති නීතිඥයන් පෙන්වයි !

ගෝඨාභය දිණුවත් පරාදයි : ජනාධිපති නීතිඥයන් පෙන්වයි !

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ  සිය ඇමරිකානු පුරවැසිභාවය නිසි ලෙස අහෝසි කර ඇත්දැයි තහවුරු කර නැති බව ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය සඳහන් කරයි.

ඊයේ (11) ජනාධිපති නීතිඥවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

එහිදී එම නීතිඥ කණ්ඩායම පෙන්වා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත් වුවද ඔහුගේ ජනාධිපති ධුරය අහෝසි කර දැමීමට හැකියාවක් පවතින බවය.

ගෝඨාභය රාජපක්ෂ සිය ද්විත්ව පුරවැසිභාවය නිසි ලෙස අවසන් කර නැතිනම් ඒ සම්බන්ධයෙන් මාස තුන හතරක කාලයක් ඇතුළත නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔවුන් සඳහන් කෙරිණ.

එහිදී ගීතා කුමාරසිංහට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවූ නඩු තීන්දුව ඇතුළු නඩු තීන්දු කිහිපයක් සම්බන්ධවද ඔවුන් මාධ්‍ය දැනුවත් කළ අතර ඒ අනුව පෙන්වා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළත් ඔහුට එය පවත්වා ගැනීම සැකසහිත බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න