Language Switcher

V2025

කතෝලික සහ ක්‍රිස්තියානි ප්‍රජාවේ විශේෂ අවධානයට: පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස සිටි ජුදාස්ලා !(VIDEO)

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මතුවූ ජාතික අනාරක්ෂාව පිලිබඳ කාරණය ඉස්මතු කරමින් ඇතැමුන් බලයට ඒමට උත්සහ කලද මේවනවිට ලැබී ඇති තොරතුරුවලට අනුව එවැනි පුද්ගලයින් මෙම ඛේදවාචකය පිටුපස සිටින්නේදැයි කතෝලික සහ ක්‍රිස්තියානි ප්‍රජාව තුළ බලවත් සැකයක් මතුව තිබේ. 


පාස්කු ඉරිදා ප්‍රහාරයේ වේදනාබර අත්දැකීම් බලය ලබා ගැනීම වෙනුවෙන් දේශපාලන වාසියක් කර ගැනීමට දරණ උත්සාහය ද ඔවුන්ගේ බලවත් පිළිකුළට හේතුවී ඇත. 

කතෝලික සහ ක්‍රිස්තියානි ප්‍රජාව නියෝජනය කරන සමාජ ක්‍රියාකාරීන් පිරිසක් ඊයේ (11)  පැවති මාධ්‍ය හමුවේදී ඒ පිලිබඳ කරුණු ප්‍රසිද්ධියේම පළ කර සිටියේය.

එහිදී අදහස් දැක්වූ සමාජ ක්‍රියාකාරිකයකු මෙසේ පැවසිය.

''සහරාන් ඇතුළු අන්තවාදීන් කල්ලිය සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටි ත්‍රස්ත මර්ධන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට ගනිමින් පාස්ක්‍ර ප්‍රහාරයට අවශ්‍ය ඉඩ කඩ සැලසූ කඳවුර කවුද යන්න අද පැහැදිළිවම දක්නට ලැබෙනවා.

ඩී.අයි.ජී නාලක සිල්වා කියන්නෙත් කතෝලිකයෙක්. එතුමාගේ එකසිය නවය ඉඳන් එකසිය පහළව වෙනකන් සාක්ෂි සටහන් කර ඇති සාක්ෂි, විශේෂයෙන් කතෝලික ජනතාවට  මම අවධාරණයෙන් කියනවා ඔබගේ වගකීමක්, පාර්ලිමේන්තුවේ තේරීම්කාරක සභාවේ වාර්තාව අරන් කියවන්න, අමුතුවෙන් මේ ගැන කවුරුත් සාක්ෂි හොයලා දෙනකන් ඉන්න අවශ්‍ය නැහැ. 

මේ රටේ පොදු මහත් ජනතාවටත් වගකීමක් තියෙනවා මේවායේ තියෙන කරුණු මොනවාද කියලා දැනගන්න , හොයලා බලන්න, මේකේ කවුද වාඩිවුණේ කියන එක නෙවෙයි. නාලක සිල්වා මහත්තයා සහරාන් කියන කල්ලිය පැහැදිලිවම හඳුනගන්නවා. ඔහු සහරාන් කියන කල්ලිය ගැන අවුරුදු ගානක් තිස්සේ ෆලෝ කරනවා.

 බරපතලම ප්‍රශ්නාර්තයක් !

ඉලංගකෝන් මහත්තයා නාලක සිල්වා මහත්තයාට මේක බාර දෙද්දී  ඔහු කියනවා ඒ අවස්ථාවේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඒ  අංශයේ හිටපු දක්ෂතම නිලධාරියා නිසා ඔබගෙන් මේ රටට යම්කිසි සේවයක් කළ යුතුයි කියලා. 

ඒ අනුව ඔහු අංශ තුනකට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය ප්‍රතිව්‍යූහගත කරලා, අඛණ්ඩව පැය  විසිහතර පුරා සහරාන් සම්බන්ධයෙන් ෆලෝ කරලා තියෙනවා තොරතුර සටහන් කරලා තියෙනවා. පැහැදිළිවම නාලක සිල්වා මහතා මේ සියලු තොරතුරු සොයලා සහරාන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් අරගෙන තියෙද්දි තමයි නාමල් කුමාර කියලා පුද්ගලයෙක්ගේ හඬ පටියක් දාලා ඔහුව නතර කරේ.

ඒ කාගේ අදිසි හස්තයකින්ද කියන එක අපි හැමෝටම තියෙන බරපතලම ප්‍රශ්නාර්තයක්.

විශේෂයෙන්ම එක්තරා කඳවුරක් මේ පාස්කු ප්‍රහාරයම දඩමීමා කරගෙන, ජාතික ආරක්ෂාවම ඉස්සරහට දාගෙන බලයට එන්න හදනවා නම් අපිට විශේෂයෙන්ම සැකයක් එනවා මේ තියෙන කරුණුත් එක්ක මේක පිටිපස්සේ මේ දේශපාලන කඳවුර ඉන්නවාද කියලා.''

රඳගුරු සමුළුවෙන් ඉල්ලීමක් !

ඒ වගේම අපි අඟරදගුරු තුමාගෙන්, රඳගුරු සමුළුවේ සභාපති වින්ස්ටන් ප්‍රනාන්දු රදගුරු තුමා ඇතුළු, මුළු රදගුරු සමුළුවෙනුත්, රජයෙනුත් ඉල්ලනවා, නාලක සිල්වා මහතා ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින්න කියලා, ඒක ඔබගේ මේ මොහොතේ වගකීමක්.

මොකද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තිබෙන වැදගත්ම සහ ජීවමානම සාක්ෂිය තමයි නාලක සිල්වා මහතා.

ඒ වගේම එක්තරා දේශපාලන කඳවුරක් රණවිරුවන් නිදහස් කිරීමක් ගැන පැවසුවා, අපි ඔවුන්ගෙන් අහනවා මොන රණවිරුවො ගැනද මේ කියන්නෙ කියලා, අපිට පැහැදිලි ප්‍රශ්නාර්ථයක් එනවා රතුපස්වල පල්ලිය ඇතුලටම ගිහින් වෙඩිතියන්න අණ දීපු, අහිංසක මිනිසුන් ව මරන්න තම බලය, වෙඩි උණ්ඩය පාවිච්චි කරපු අය ගැනද මේ කියන්නෙ කියලා.

විශේෂයෙන් ම ක්‍රිස්තියානි ඉගැන්වීම තුළ , මේ මොහොතෙදි කිසිම අන්තවාදී හෝ ජාතිවාදී කඳවුරක හිටගන්න අපිට බැහැ. මේ ප්‍රාණපරිත්‍යාගී වරුන්, දෙවියන් වහන්සේ අපිදිහා බලාගෙන ඉන්නෙ, ඒක නිසා අපි හැමෝගෙම වථකීමක් සත්‍යය සහ යුක්තිය වෙනුවෙන් පෙනී සිටීම.''