ජූඩ් ඇන්තනීට ජනාධිපති සමාව : මැදිහත්කරු රතන !

ජූඩ් ඇන්තනීට ජනාධිපති සමාව : මැදිහත්කරු රතන !

රාජගිරිය, රෝයල් පාර්ක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා සිටි 34 හැවිරිදි දොන් ශ්‍රමන්ත ජූඩ් ඇන්තනි ජයමහට ජනාධිපති සමාව ලබා දීම සඳහා ජනාධිපති සිරිසේනට දිගින් දිගටම බලපෑම් කර ඇත්තේ පුජ්‍ය අතුරලියේ රතන හිමියන් බව වාර්තා වෙයි.

ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා සිටි මෙවැනි පුද්ගලයකුට ජනාධිපති සමාව දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත දැඩි විරෝධයක් එල්ලවී ඇති අතර එම තත්වය තුළ ඊට බලපෑ හේතු පැහැදිලි කරමින් ජනාධිපති මාධ්‍ය අංශයෙන් මාධ්‍ය ආයතන වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපති කාර්යාලයේ නිවේදනයේ සදහන් කොටස මෙන්න !

''රාජගිරිය, රෝයල් පාර්ක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා සිටි 34 හැවිරිදි දොන් ශ්‍රමන්ත ජූඩ් ඇන්තනි ජයමහ යන අය සම්බන්ධයෙන් ඇති සාධනීය කරුණු සානුකම්පිතව සලකා බලා ජනාධිපති සමාවක් පිරිනමන ලෙස ආගමික නායකයින්, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන්, නීතිඥයින්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, තරුණ සංවිධාන ඇතුළු විවිධ පාර්ශ්ව විසින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ලිඛිත ඉල්ලීම් සහ නිර්දේශ ඉදිරිපත් කරන ලදී.

මෙම තරුණයාට ජනාධිපති සමාව ලබාදීම වෙනුවෙන් මූලිකත්වය ගෙන සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරමින් අවශ්‍ය මැදිහත්වීම හා සම්බන්ධීකරණ කටයුතු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලද අතර, උන්වහන්සේ විසින් මෙම තරුණයාගේ දෙමාපියන් සහ ඥාතීන් ජනාධිපතිතුමා වෙත මුණගස්වා මේ පිළිබඳ දීර්ඝ කරුණු දැක්වීමක් ද සිදුකරන ලදී.  

එසේම උන්වහන්සේ විසින් මේ සම්බන්ධයෙන් ලිඛිත ඉල්ලීමක් ද ජනාධිපතිතුමා වෙත යොමු කරමින් පෙන්වා දුන්නේ මෙයට අදාළ සිද්ධිය ප්‍රේම සම්බන්ධයක් පදනම් කරගෙන තරුණයෙක් හා තරුණියක් අතර ඇති වූ ආරවුලක් බවත්, ශ්‍රමන්ත ජූඩ් ඇන්තනි යන අය බන්ධනාගාරය තුළ යහපත් කල්ක්‍රියාවෙන් යුක්තව සිටීම මෙන්ම, බන්ධනාගාරගතව  සිටිමින්ම බාහිර උපාධිය සාර්ථකව නිම කොට, ඉන් අනතුරුව මේ වන විට ආචාර්ය උපාධියට අදාළ අධ්‍යයන කටයුතු හදාරමින් සිටින බවත්, මෙම තරුණයා මනා පෞර්ෂයකින් යුත් උගත්, බුද්ධිමත් තරුණයෙක් ලෙස පෙනී යන බැවින් මේ පිළිබඳ කාරුණිකව කරුණු සලකා බලා මොහුට ජනාධිපති සමාව ප්‍රදානය කරන්නේ නම් එය සාධාරණ හා මානුෂික කාරණයක් වනු ඇති බවත්ය.

එසේම බුද්ධ දේශනාව අනුව යමින්  කරුණා, දයානුකම්පාවෙන් යුක්තව මෙම කාරණය කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද, පූජ්‍ය අතුරලියේ රතන ස්ථවිරයන්වහන්සේ ගරු ජනාධිපතිතුමා වෙත කරුණු පෙන්වා දුන්හ. ''

රතනගේ ලිපිය මෙන්න !

මරණ දඬුවම් ලබා ඇති ජූඩ් ඇන්තනි ජයමහ නිදහස් කරන ලෙස රතන හිමි ජනාධිපති සිරිසේන වෙතින් අයදුම් කළ ලිපිය පහත දැක්වෙයි.

WhatsApp Image 2019 11 11 at 7.39.20 PM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න