රතනගේ ගේම : කතෝලික ප්‍රජාවටම අවමානයක් : මෙන්න සාක්ෂි !

රතනගේ ගේම : කතෝලික ප්‍රජාවටම අවමානයක් : මෙන්න සාක්ෂි !

රෝයල් පාර්ක් ඝාතන සිදුවීම සම්බන්ධව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමව සිටි ජූඩ් ඇන්තනීට ජනාධිපති සමාව දෙන ලෙස ඉල්ලා සිටි පිරිස අතර තමන්ද සිටින බවට සඳහන් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (11) නිකුත් කරන ලද නිවේදනය අසත්‍ය බවට ගාල්ල රදගුරු රේමන්ඩ් වික්‍රමසිංහ හිමිපාණන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙන ආකාරයට තමන් චුදිතයාව නොහදුනන බවත් ඔහුගේ සිද්ධිය සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යයනයක් සිදුකර නොමැති බවද ගාල්ල රදගුරුතුමන් සිය නිවේදනයේ සඳහන් කර සිටියි.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයට අදාළ කොටස !

EJFkd0NUEAUKiFx

කෙසේ වුවත් තමන් මිට වසර කිහිපයකට පෙර සිරගතව සිටින තරුණ පිරිස් සඳහා යහපත් අධ්‍යාපනයක් ලබාදීමට හැකි හා ඔවුන් තුල ධනාත්මක සිතුවිලි වර්ධනය කරලීම සඳහා උදව් කරන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකළ බවත්, එය සිදුකලේද බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු තමන් හමුවීමට පැමිණි සිදුකළ ඉල්ලීමක් අනුව බවත් ගාල්ල රදගුරු හිමියන් සිය නිවේදනයේ සඳහන් කර ඇත.

රෝයල් පාර්ක්   චුදිතයාට ජනාධිපති සමාව ලබාදීම සඳහා තමන් ඒ සිදුකළ ඉල්ලීම යොදා ගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් එම වැරැද්ද සිදුකරන ලද පාර්ශව ඒ සඳහා වන වැරැද්ද පිළිගත යුතු බවද එහි වැඩිදුරටත් දැක්වේ.

එමෙන්ම මෙම ක්‍රියාව නිසා තමන්ටද, ගාල්ල රදගුරු පදවියට මෙන්ම කතෝලික ජනතාවටද විශාල කැළලක් ඇතිව තිබෙන බවත්  රදගුරු රේමන්ඩ් වික්‍රමසිංහ පියතුමන් සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගාල්ල රදගුරු හිමියන් නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.

image edeb53cb73

ජාතිවාදය වපුරන රතනගේ තුට්ටු දෙකේ වැඩක් !

මේ අතර විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ අතුරලියේ රතන හිමියන් ජනාධිපති සිරිසෙනව නොමග යවමින් මෙම අපකීර්තිමත් කටයුත්තට සම්බන්ධ කරගෙන ඇති බවය. එසේම කතෝලික පියතුමන්ව ඊට සම්බන්ධ කර ඇත්තේද රතන හිමිගේ දැනුම්දීමක් අනුව බවත් වාර්තා වෙයි.

ඊට අනුව රතන හිමිගේ අපේක්ෂාව වී ඇත්තේ ජූඩ් ඇන්තනී කතෝලික බැවින් කතෝලික පියනමක් මීට සම්බන්ධ කිරීම හරහා එල්ලවන අපවාද අවම කරගැනීමටය. එසේම මෙම නිදහස් කරදීම පිටුපස මුදල් ගනුදෙනුවක් සිදුව ඇති බවටද මාධ්‍ය වාර්තා පළවෙමින් තිබේ.

පසුගිය සමයේ මිලේනියම් චැලේන්ජ් ගිවිසුමක් ගැන මුසාවාද රැසක් කරළියට ගෙන එමින් රතන හිමි කටයුතු කර ඇත්තේද මෙකී කොන්ත්‍රාත්තුව සම්බන්ධව එල්ල වන ජනතා අවධානය අවම කිරීමට බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න