මාධ්‍යවේදීන්ට සුදුවෑන් ශුවර් : කලා පවුර ගෝඨාගේ මතය කියයි ! (වීඩියෝ )

මාධ්‍යවේදීන්ට සුදුවෑන් ශුවර් : කලා පවුර ගෝඨාගේ මතය කියයි ! (වීඩියෝ )

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වැරදීමකින් හෝ බලය ලැබුවහොත් මාධ්‍යවේදීන් සමඟ ගනුදෙනු කරන ආකාරය සම්බන්ධව අනාවැකියක්  “කලා පවුර” විසින් සිදුකර ඇත.

ඒ  මාධ්‍යවේදියෙක් උනත් යන ගමනට බාධාවක් නම් කට වහන්න වෙනවා” යනුවෙන් සඳහන් කරමින්ය.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන මෙම කලා පවුර   සංවිධානයේ මාධ්‍ය හමුවක් ඊයේ (11)මාතර නූපේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මූලස්ථානයේදී පවත්වා ඇති අතර අදාළ ප්‍රකාශය සිදුකර ඇත්තේද එහිදීය.

එහිදී මාධ්‍යවේදියකු ලෙස පෙනී සිටින සමන් චන්ද්‍රනාත් යන තැනැත්තාගෙන් මාධ්‍යවේදියකු ප්‍රශ්න කර ඇත්තේ "ගෝඨාභය ට සහාය දක්වන ඔබ මාධ්‍යවේදීන් පැහැරගෙන යාම මරා දැමීම යන චෝදනා ගැන ඔබ කියන්නේ කුමක්ද ?" 

ඊට ප්‍රතිචාරය ලෙස ලැබී ඇත්තේ “මාධ්‍යවේදියෙක් උනත් යන ගමනට බාධාවක් නම් කට වහන්න වෙනවා” යනුවෙනි.

සංවේදී කලාකරුවන් ලෙස පෙනී සිටින මේ රුධිර පිපාසිත නඩයේ මාතර අංගයේ නාඩගම් කිහිපයක් මාතර කිඹුලා වෙබ් අඩවිය වාර්තා කර ඇත.

 

විමල් මට ගෙයක් දෙනවා කිව්වා - ජයසේකර අපොන්සු !

කලා පවුර සංවිධානය නියෝජනය කරමින් වසන්ති චතුරානි,සංජීවනී වීරසිංහ ,කුසුම් රේනු,කුමාර සිරි පතිරණ ,ජයසේකර අපෝන්සු ඇතුලු කලාකරුවන් රැසක් මෙම අවස්ථා වට සහභාගීව ඇති අතර  එහිදී අදහස් දැක්වූ ජයසේකර අපෝන්සු “මම ආවේ කඩේ යන්න නෙවෙයි .යැයි පවසා එකදාස් නවසිය පනස්ගනන්වල සිට සිය මතක කියන්නට පටන්ගත් තේය.තමන් කියන්නෙ කුමක් දැයි කතාවේ මැද දී අමතක වීමත් සමග යලි වටේ සිටින පිරිසගෙන් මම කියාගෙන ආවේ කුමක් දැයි කිහිප වරක්ම කියා සිටියේය .මම කසාද තුනක් කරගත්තා.තුන්දෙනාම ගියා දැන් හතරවෙනි එක හතර වෙනි එකට තරුණ කෙල්ලෙක් ගෙනාවා දැන් ඉන්නේ එයත් එක්ක. සජිත් තරහා වෙන්න එපා මේක ට මම කඩේ යන්න නෙවෙයි ආවේ මෙතෙන්ට විමල් වීරවංස මට ගෙයක් දෙනවා කිවුවා ඒක දෙන්න බැරි උනා හැබැයි මම ආවේ ගෙයක් ගන්න නෙවෙයි .

මගේ නෝනට සජිත් ප්‍රේමදාස ගෙයක් දුන්නා මැදවච්චියෙන්.ඒකත් කියන්න ඕන මේ වෙලාවේ.මම ආවේ කඩේ යන්න නෙවෙයි .ආදී වශයෙන් කුමක් වෙනුවෙන් කුමක් කීවාදැයි ඔහුට වත් මතක නැති වල්පල් දෙඩවූයේය.ගීත රචක මාධ්‍යවේදී සමන් චන්ද්‍රනාත්”මම පේමදාසගේ වැඩසටහන් ගනනාවකට ගීත ලිව්වා.සජිත්ටත් ලිව්වා.දැන් මම වෙනස් යැයි පැවසීය .

අහෝ මෙවන් කලාකාර පවුරක්….?මොවුන් ගැන මෙන්ම ඔවුන් නායකත්වය ට පත්කරන්නට යන අපේක්ෂක යන් ගැන ජනතාවම බලාගනිත්වා .!

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න