Language Switcher

V2025

ඇමරිකානු පුරවැසියාට සෙනඟ නෑ : මාතර රැලියේ අළුත් නාඩගමක් !

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඇමරිකානු පුරවැසි ගෝඨාභය රාජපක්ෂ දිනපතා ලබන ජනතා අප්‍රසාදය හේතුවෙන් පවත්වන ජන රැලි වල සෙනඟ පෙන්වීමේ දුෂ්කරතාවයකට පත්ව ඇත.

ඒ නිසාම මේ වන විට ජන රැලි සංවිධානය කරන්නේ එම ස්ථාන වල වැඩි ජනතාවක් සිටින බව පෙන්වීමට අවහිරතා ඇති වන ආකාරයටය.

පොදුජන පෙරමුණේ  මාතර දිස්ත්‍රික් අවසන් ජන රැලිය හෙට (13) පස්වරුවේ මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ දී පැවැත්වීම කටයුතු සූදානම් කර ඇති අතර එහිද වේදිකාව ඉදිකර ඇත්තේ පිටිය අවහිර කර රැස්වන පිරිසෙන් මාතර යුධහමුදා කදවුර සහ මහානාම පාලම බස්නැවතුමේ ඉදිරිපස කොටස ජනතාවගෙන් පිරී ඇති බවට ප්‍රෝඩාවක් දැක්වෙන ආකාරයටය.

ක්‍රීඩාංගණයේ මැදට වන්නට ප්‍රධාන වේදිකාව සවිකර ඊට ඉදිරිපස කොටසේ යකඩ වැටවල් කිහිපයක් සවිකිරීම නිසා ක්‍රීඩාංගණය සම්පුර්ණයෙන් ම යකඩ වැටවල් වලින් අවහිර කිරීම නිසා හෙට මේ රැලියට සහභාගී වන ජනතාවට ඉන්නට සිදුවන්නේ ජයසූරිය ක්‍රීඩාංගණයේ ඉදිරිපස ගේට්ටුව ආසන්න විවෘත කලාපයේය.

මේ සම්බන්ධව සිදුකල විමසීමේදී ඉදිකිරීම් වල නිරත කොන්ත්‍රාත් කරුවෙකු ගෙන් මේ තරම් වැටවල් ගසන්නේ මන්දැයි විමසා සිටියදී ඔහු පැවසුවේ “ ඩලස් අලහප්පෙරුම ඇමතිතුමාගෙන් ලැබුනු උපදෙස් වලට අනුව මේ ආකාරයේ වැටවල් ඉදිකළ බවය.

එසේම මේ රැලිය සඳහා සෙනඟ පෙන්වීමට සිදුකරන නාඩගම් හේතුවෙන්  ජයසූරිය ක්‍රීඩාංගණයේ වේදීකා ඉදිකිරීම වෙනුවෙන් බර වාහන ඇතුල් කිරීම සදහා ක්‍රීඩාංගණයේ ඇතැම් ස්ථාන බැකෝ යන්ත්‍ර යොදා තණතිල්ල විනාශ කර ඇති අතර  ඒ සමග පිටුපස ගේට්ටුවේ ගේට්ටු කණුවක් ද බැකෝ යන්ත්‍ර වැදීමෙන් බිදවැටී ඇත.

IMG 20191112 WA0080 1

IMG 20191112 WA0083 1

IMG 20191112 WA0084 1

IMG 20191112 WA0089 1

IMG 20191112 WA0092 1

IMG 20191112 WA0091 1