කැලණිය පුද බිමට නාග ලෝකයෙන් ධාතු වැඩිය බවට ඊයේ (12) ජඩමාධ්‍ය කිහිපයක් හරහා දියත්කළ ප්‍රචාරය දින දින ජනතා අප්‍රසාදයට ලක්ව සිටින පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රචාරක අංගයක් බව අනාවරණය වී තිබේ.
කැළණි ගඟෙන් මතුවූ බව පැවසුනත් වැඩිය සර්වඥ ධාතු ඇතැයි කියන මංජුසාව සාදවාගෙන ගෙන ඇත්තේ ගඩලාදෙණිය ප්‍රදේශයෙන් බව මේ වන විට අනාවරණය වී ඇති අතර මිට මාස කිහිපයකට පෙර එම මංජුසාව රැගෙනවිත් ඇතත් නියම අවස්ථාව එනතෙක් එය රහසක්ව තබා ගන්නයි උපදෙස් දී ඇත්තේ විහාරස්ථානයේ ප්‍රසිද්ධ හිමිනමක විසින් බවත් අනාවරණය වී ඇත.
සර්වඥ ධාතු ගෙනඒමට නාග ලෝකය කෙසේ වෙතත් ගඩලාදෙණිය වෙත මෝටර් රථයෙන් ගොස් ඇත්තේ කැලණියේ බෝට්ටු රියදුරකු වන අනුර නමැති අයගේ පුත්‍රයා වන අතර එම රහස්‍ය කටයුත්ත සඳහා ඔහුට ඊයේ රුපියල් ලක්ෂයක මුදලක් ලබාදී ඇති බවත් වාර්තා වී ඇත.
එම පුද්ගලයාද ඊයේ (12) රාත්‍රියේ පෝය බවත් නොසළකා එම මුදලින් කොටසක් වැයකර සිය මිතුරන් වෙනුවෙන් මධුවිත සංග්‍රයක් පවත්වා ඇති අතර "මේ ධාතු මවපු වෙරි මචං " කියමින් ඔහු මිතුරන් සමඟ සතුටු වී ඇති බවත් දැනගන්නට ඇත.
මේ අතර ප්‍රදේශවාසීන් පවසන්නේ ධාතු සහිත මංජුසාව රැගෙන යන හිමියන්ට මුතු කුඩය අල්ලාගෙන යන පුද්ගලයා නාග මාණික්‍ය සෙවීමට කියමින් නයි 50කට වඩා මරාදමා ඇති අයකු බවය.මෙයින් පෙන්නුම් කරන්නේ නියත පරාජයේ ඉවවැටීමත් සමග ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රචාරක උපදේශකයින් හා ඔවුන්ට අයත් මාධ්‍ය ජාල බෞද්ධ ජනතාව නොමග යැවීමට තරම් "කැළණි හිඟන්නන්ගේ තැනට ඇදවැටී" ඇති බවය.

