ගෝඨාගේ ඇමරිකානු පුරවැසිභාවය තවදුරටත් නිශ්චිතයි

ගෝඨාගේ ඇමරිකානු පුරවැසිභාවය තවදුරටත් නිශ්චිතයි

2019 ජූනි 26 වන දින ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව ඇමරිකානු අධිකාරණයේ නඩුවක් ගොනු වී ඇති අතර මේ වන විට එම නඩුව පසුව කැදවීම වෙනුවෙන් බහා ඇති බව අමාත්‍ය සුජීව සේනසිංහ පවසයි.

ගෝටාභය යම් හෙයකින් ලංකාවේ ජනාධිපතිවරයා බවට පත් වුවහොත් මුකිත්ය අනුව ඔහුට විරුද්ධව නඩු පැවරීමට නොහැකි බවට ඇමරිකාවේ නීතියක් ඇත.

ජනාධිපති බවට පත් නොවුවහොත් එම නඩුව ඇසිය හැකිය. ගෝඨාභය රාජපක්ෂ ශ‍්‍රී ලංකාවේ මෙන්ම ඇමරිකාවේ පුරවැසියෙක් බවට එම නඩුවේ සදහන්ව ඇති අතර නඩුව පැවරෙන්නේ ඔහු ඇමරිකානු පුරවැසියෙක් හේතුවෙනි. ඒ ඇමරිකානු ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනය අනුවය. ඇමරිකාවේ ඉපදුණු හෝ නීත්‍යානුකූලව ඇමරිකාවේ සිටින පුද්ගලයකුට පමණක් ඒ අනුව නඩුව පැවරිය හැකිය.

ඇමරිකාවේ ප‍්‍රාණ ඇපකරුවකු බවට පත්ව ඇති ගෝඨාභය මෙම නඩුව සම්බන්ධයෙන් කරුණු අගෝස්තු 26 වන දින ඉදිරිපත් කර ඇති අතර එහිදී ඊට අදාළ ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ එම නඩුව ලංකාවේ මැතිවරණය අවසන් වන තුරු බහා තබන ලෙසයි. ඒ අනුව යම් හෙයකින් ඔහු ජනාධිපති බවට පත් වුවහොත් අදාළ නඩුව නොඅසන අතර එසේ නොවුවහොත් එළඹෙන දෙසැම්බර් මාසයේදී එම නඩුව විභාග කිරීමට නියමිතය.

දෙසැම්බර් මාසයේදී එම නඩුව විභාග කිරීමට නියමිතව ඇත්තේ ගෝඨාභය තවමත් ඇමරිකානු පුරවැසි්යෙකු ලෙස පෙනී සිටින බැවිනි. එසේ නොමැති නම් ඇමරිකානු අධිකරණයකදී නඩු විභාග වන්නේ නැත.

මීට පෙර උදය ගම්මන්පිල විසින් පුරවැසිකම අත්හල බවට වන ගෝඨාභයගේ නම මාර්තු මාසයේ ලේඛනයේ නොව ජූනි මාසයේදී අනිවාර්යයයෙන් නිකුත් වන බව සදහන් කළද අවසානයේ නොවැම්බර් මාසයේ ලේඛනයේද එම නම නොතිබීමෙන් ගෝඨාභය ඇමරිකානු පුරවැසි භාය යළත් තහවුරු වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න