ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, ගෝඨාබය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කර ගැනීම සම්බන්ධයෙන් සියලු ලිපි ලේඛන තමන් වෙත ඉදිරිපත් කරන ලද බව මැතිවරණ සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් ජනාධිපති නීතිඥ අලි සබ්‍රිට සඳහන් කළ බව හැඟවෙන දුරකතන සංවාදයක් සමාජ මාධ්‍යවෙත මුදාහැර ඇත.
වාර්තා වන ආකාරයට එය සිදුකර ඇත්තේ නාමල් රාජපක්ෂගේ සමාජ මාධ්‍ය කණ්ඩායම විසින්ය.
එසේ සමාජ මාධ්‍යවෙත මුදාහැර ඇත්තේ, නීතිඥ අලි සබ්රි විසින් මහින්ද දේශප්‍රිය සමග සිදුකළ දුරකථන සංවාදයකි.
එම දුරකතන සංවාදය මෙසේය.
-සභාපතිතුමා
-ඔව් කියන්න
- ඔබතුමා අද කිව්වා නේද අර ඇෆිඩවිට් එක, කීයට විතරද ඒක අප්ලෝඩ් කරන්නේ.
-මට නලින් මහත්තයලා ඒගොල්ලො අල්ලගන්නට ඕනේ, නැත්නම් මෙහෙම ඉල්ලන්න පුළුවන් අපේ ඇප්ලිකේෂන් එකක් දාලා ඇෆිඩයිට් එකේ කොපියක් ඉල්ලන්නයි අපට තියෙන්නේ.
- නෑ ඒ වුණාට අප්ලෝඩ් කරා නම් හරි නේද?
- ඔව් අප්ලෝඩ් කරා නම් හරි නේ. මම ඒක අප්‌ලෝඩ් කරන්නම්
- හැමෝගෙම අප්‌ලෝඩ් කරන්න. මේක මේ ට්‍රාන්ස්පේරන්ට් විදිහට කරන්නයි ඔ්නේ.
- ඔව් ඔව්
- අනිත් එක මට ඩබල් චෙක් කරගන්න ඕනේ අපි ඔබතුමාව ටෙලිග්‍රාෆ් එකේ සම්බන්ධකරගත්තා, ටෙලිග්‍රාෆ් එකේ ආටිකල් එකක් ගියානේ, ඒකේ කියලා තියෙන්නේ ඔගස්ට් විසි හයනේ අපි ඔබතුමන්ලව හම්බවුණේ
-ඒක සඳුදා දවසක් නම් එදා හරි
- ඔව් ඒක සඳුදා දවසක් අගෝස්තු මාසේ 26 වැනිදා. එතකොටසඳුදාද කියලා බලන්න සඳුදානේ අපි කමිෂන් මීටින් තියන්නේ.
- ඔව් සඳුදා තමයි. ඒක ඩේලි ටෙලිග්‍රම් එකේ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් පළවෙලා තිබුණා. එතන ප්‍රොෆෙසර් හූලුත් සම්බන්ධකරලා තිබුණා. එතනදී නේ අපි ඩොකියුමන්ට්ස් ටික ඔබතුමාට දුන්නේ.
-ඔව්
- එතකොට එතනදිත් ඔබතුමා මේ ක්වේෂන් එක ගත්තා, ඒක අවශ්‍ය නැහැ කියලා. හූල් ඒක පරීක්ෂා කරලා බැලුවානේ උඩුයටිකුරු කර කර දෙපැත්ත හරව හරව
- දිනේ මොකක්ද? මොනාද ටෙලිග්‍රාෆ් එකේ තියෙන්නේ ඒක
- මම ඔබතුමාට ඒක වට්ස්අප් කරන්නම් ටෙලිග්‍රාෆ් එකේ තියෙනවා ඔබ විතරයි මේක ෂෙඩියුල් කරලා තිබුණේ හූල් නිකන් ඒක නොදැන ඉඳලා නිකන් කමිෂන් එකේ මීටින් එක රෑ වුණ හින්දා හූල් එතනට ආවයි කියලා ප්‍රොෆෙසර් හූල් කියලා තියෙනවායි කියලා
-නැහැ නැහැ එහෙම නෙවෙයි එදා කොමිෂන් මීටින් එකනේ තිබුණේ
-ඔව් කමිෂන් මීටින් එක තිබුණ වෙලේනේ අපි ඇවිත් හම්බවුණේ ඒ වෙලාවෙදි මම ඔබතුමාට ඩොකියුමන්ට් එක දුන්නා නේද?
-ඔව්
- ඊට පස්සේ ඔබතුමා එක පීසී නලින්ට දීලා පස්සේ දුන්නා ප්‍රොෆෙසර් හූල්ට. ප්‍රොෆෙසර් හූල් ඒක හොඳට පරීක්ෂා කරානේ නැහැ කියන්න බැහැනේ.
- ප්‍රොෆෙසර් ඒක එතන අතට ගත්තනේ ඒක නැහැ කියන්නේ නැහැ. ඕක තිබුණා ඩේලි නිව්ස් එකේ හරි, ඩේලි මිරර් එකේ හරි ඔබ්සවර් එකේ හරි ආටිකල් එක
- ආ තියෙන්න ඇති
- ඒකේ හොඳට තිබුණා මට හොඳට මතකයි ඉංග්‍රීසි පත්තරේක ඔය ඔකේ තියෙන කෑල්ලට වඩා එක්කෝ සන්ඩේ ටයිම්ස් එහෙක හරි මොහොක හරි ඒක ඩීසන්ට් විදිහට දාලා තිබුණා. ඒක ප්‍රොෆොසර් උපුල් දාලා තියෙන්නේ මට ෂොට් එකක් දෙන්නනේ
- ඔව් ඔබතුමාට ෂොට් එකක් දෙන්න තමයි දාලා තියෙන්නේ. ඒ වෙලාවේ එයා ඔරිජිනල් ඒක අරන් හොඳට බැලුවනේ,
-එදා ඇත්තටම කමිෂන් මීටින් එක තියෙන දවසේ හම්බවෙන්න පුළුවන්ද ඇහුවා. මම කිව්වා අපේ කමිෂන් මීටින් එක තියෙන දවස මන්ඩේ ඕන කෙනෙකුට එන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඒක රහස් එකක් නෙවෙයි නේ. එහෙනම් ඉතින් මම ගෙදර හම්බුවෙනවානේ.
- අනිවාරෙන්
- අපේ ඔෆිස් එකේ සීසීටීවී දාලා තියෙනවා එන ඕන කෙනෙකුට ආවේ කවුද කියලා පේනවා. ඒවා රහස් නෙවෙයි නේ.
- රහස් නෙවෙයි ඒවා මේ පොදුවේ සිද්ධ වෙච්ච ඒවා ඒ ඔක්කොම ඩොකියුමන්ට්ස් ඔක්කොම එයා අරන් බලලා එයා එතකොට ඇහුවා මතකද මීට ඉස්සෙල්ලා සෝෂල් මීඩියා එකේ මේ ස්ටේට් ඩොකියුමන්ට්ස් වගයක් ගියා කියලා
-ඔව් ඔව්
- අපි කිව්වා අපිට ඒකට අපේ සම්බන්ධයක් නැහැ කියලා මතකද ඔබතුමාට?
-ඔව් ඔව් පත්තරේත් ගියානේ
- ඔව් ඔව්
- එතකොට ඒ නිසා තමයි අපි ඔරිජිනල්ස් ටික පෙන්නුවේ. අපි දෙන්නාම, මමයි නලින් මහත්තයායි කිව්වේ වී ආ නොඩ් ඉන් නීඩ් දිස් කියලා මේක අපිට වැඩක් නැහැ කියලා. ඒක ඇහුවොත් අපි ඕන කෙනෙකුට කියනවා.
-මම ඒක දාන්න කියන්නම්
- අනේ දාන්න කියන්න. තැන්ක්යූ තැන්ක්යූ සභාපතිතුමා තැන්ක්යූ
මහින්ද දේශප්‍රිය BBC සිංහල සේවයට කියපු කතාව :
ගෝඨාගෙ පුරවැසිභාවය තහවුරු කරන ලියවිලි මැතිවරණ කොමසාරිස්ට දුන් බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මිට ඉහතදී මාධ්‍ය වෙත පවසා තිබිණ.
කෙසේවුවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ, තම එවැනි දෙයක් නොඉල්ලු බවයි.
වීඩියෝ

