ලොස් ගෝඨාගේ කැම්පේන් එක උස්සන්න : නාග ලෝකයෙන් ධාතු උස්සයි !

ලොස් ගෝඨාගේ කැම්පේන් එක උස්සන්න : නාග ලෝකයෙන් ධාතු උස්සයි !

පසළොස්වක පොහොය දිනයක් වන ඊයේ (12) නාග ලෝකයෙන් වැඩම කළා යැයි කියන ධාතුන් වහන්සේලා සහිත කරඬුවක් ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින්  'පුරවැසි බලය' සංවිධානය විසින් අද (13) මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.

'පුරවැසි බලය' සංවිධානය වෙනුවෙන් ප්‍රවීණ රංගන ශිල්පී දිලිප් රෝහණ හා වෛද්‍ය රංජිත් පතිරණ  යන දෙදෙනා විසින් එම පැමිණිල්ල සිදුකර තිබේ.

අදාළ පැමිණිල්ලේ මෙසේද  සඳහන් වේ.

''පසළොස්වක පොහොය දිනයක් වන ඊයේ නාග ලෝකයෙන් වැඩම කළා යැයි කියන ධාතුන් වහන්සේලා සහිත කරඬුවක් පිළිබඳව ඊයේ (12) දෙරණ රූපවාහිනී නාලිකාව මගින් විකාශය කරන ලද ප්‍රවෘත්තිය පිළිබඳ ඔබගේ අවධානය යොමු කරමු.

ගුප්ත විද්‍යා විශාරද උදාර මධුසංඛ නමැති තැනැත්තෙකු විසින් කැළණිය රජමහ විහාරය ආසන්නයේ කැළණි ගෙඟ් යම් තැනකින් ගොඩගත් බව මේ ප්‍රවෘත්ති වාර්තාවෙන් කියැවිණි.

ඒ පිළිබඳ අදහස් දක්වන කැළණිය රජමහ විහාරාධිපති මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත ස්වාමීන් වහන්සේ එහිදී මෙසේ ප්‍රකාශ කොට සිටියේය:

''2020 වර්ෂය වන විට අපට හොඳ නායකත්වයක් ලැබිලා හොඳ දේශයක් ගොඩනගන්නට අවකාශයක් අපට සැලසෙනවා කියන පණිවිඩය අපිට ලැබුණා''.

ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී, බෞද්ධයන්ට අති පූජණීය ස්ථානයක් වන කැළණිය රජමහ විහාරයෙන්, මෙවැනි 'අලූත් නායකයෙකු බිහි වීම' ගැන පණිවිඩයක් ඛෙදාහැරීම කිසිසේත් ආගමික කතාවක් නොව, දේශපාලනික කතාවකි. 

මෙය, ආගම පාවිච්චියට ගනිමින් දේශපාලනික අවශ්‍යතා මුදුන්පත් කරගැනීමට ගත් උත්සාහයක් වන අතර, එය මැතිවරණ නීති උල්ලංඝණයක් කිරීමක් ද වන්නේය. 

විශේෂයෙන් මේ කියන නායක ස්වාමීන් වහන්සේ පසුගිය කාලයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලනය සමග සම්බන්ධව සිටි හිමිනමක් වීම නිසාම, ඔහු දැන් මේ කරඬුව හරහා දෙන පණිවිඩය පැහැදිලිවම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ අංගයක් බවට පත්ව ඇති බව පෙනේ. 

මැතිවරණ නීතිරීති උල්ලංඝණය කරමින් කෙරුණු මේ ප්‍රචාරය පිළිබඳව ඔබතුමාගේ සහ මැතිවරණ කොමිෂන් සභාවේ කඩිනම් අවධානය යොමු කොට ඒ සම්බන්ධයෙන් ගත හැකි නීතිමය පියවර ගන්නා මෙන් කාරුණිකව මෙයින් ඉල්ලා සිටිමි.''
  

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න