ගත්කතුවරයාට පහරදුන් ගොට්ටන් කඩිනමින් නීතිය ඉදිරියට ගේන්න - මාධ්‍ය සංවිධාන 

ගත්කතුවරයාට පහරදුන් ගොට්ටන් කඩිනමින් නීතිය ඉදිරියට ගේන්න - මාධ්‍ය සංවිධාන 

ගාල්ල හබරාදුවේ පදිංචි  ග්‍රන්ථ රචකයෙකු වන  ලසන්ත විජයරත්න ට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීම කෙරෙහි  දැඩි අවධානය යොමු වි ඇති බවත් ඊට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක වියයුතු බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත්කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මේ බව සදහන් කරන අතර එහි වැඩිදුරටත් මෙසේද සදහන් කර තිබේ.

වාර්තාවන අන්දමට 14 වන දින පාන්දර ගාල්ල හබරාදුවේ පිහිටි ලසන්ත විජයරත්න  මහතා ගේ නිවසට ඇතුල් වු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් මේ පහර දීම සිදු කර තිබේ.

පහර කෑමට ලක්වු  ලසන්ත විජේරත්න මහතා කරාපිටිය රෝහලෙහි නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටින අතර ඔහු කියා සිටියේ 2015 වසරේදි තමා විසින් පළ කරන ලද  ‘නාස්තිකාර සංවර්ධනය හා දුෂණය’ නැමැති කෘතිය  පිලිබඳ ප්‍රශ්න කරමින් මෙම පහරදීම සිදු කළ බවයි.  

මැතිවරණ දිනයට පැය 48 තිබිය දි මෙරට ප්‍රජාතන්ත්‍රවාදි අවකාශයට අභියෝගයක් එල්ල කළ මේ සිදුවීම පිළිබඳව පරික්ෂණ කඩිනම් කොට, ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කරන ලෙසත්, අපරාධකරුවන්ට එරෙහි නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් වගකිව යුතු සියලු අංශ වලින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව ඉල්ලා සිටි. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න