ගොට්ටන් වියරු වැටෙයි  : පුත්තලමේ බස්වලට වෙඩි සමඟ ගල් ප්‍රහාර !

ගොට්ටන් වියරු වැටෙයි  : පුත්තලමේ බස්වලට වෙඩි සමඟ ගල් ප්‍රහාර !

අද (16) උදෑසන පුත්තලම අවතැන් කඳවුරු ආශ්‍රිතව වෙසෙන මුස්ලීම් ප්‍රජාව ඔවුන්ට ජන්ද අයිතිය ඇති මන්නාරමේ ජන්ද මධ්‍යස්ථාන වෙත ගමන් කරමින් සිටියදී ඔවුන්ට ගමන් කළ නොහැකි ආකාරයට ටයර් පුළුස්සා ගස් කපා මග හරස් කිරීමේ පුවතක් සම්බන්ධව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එසේම එම  බස් රථ වෙත වෙඩි තබා ඇති බවත්, ඒ සමඟ ගල් ප්‍රහාරයක්ද දියත්කර ඇති බවත්  එම මාධ්‍ය වාර්තා වල දැක්වෙන අතර එහෙත් කිසිවෙකුටත් තුවාලයක් සිදුව නැති බවත් වාර්තා වෙයි.

තන්තිරිමලය ප්‍රදේශයේ සිදුවූ මේ සිදුවීම වාර්තා වීමෙන් පසුව පොලිසිය එම ස්ථානයට පැමිණ මාර්ග බාධක ඉවත්කර පිරිසට ගමනා ගමන පහසුකම් සැලසූ බවත් එහි දැක්වේ.

මේ සම්බන්ධව ලැබෙන වැඩිදුර ආරංචිමාර්ග සඳහන් කරන්නේ මෙම අවතැන් ජනතාව ජන්දය දැමීමට යාම වැලැක්වීම සඳහා මෙකී ක්‍රියාව සිදුකර ඇති බවය.

IMG 20191116 WA0025

පුත්තලමේ චණ්ඩියා සනත් නිශාන්ත !

මේ අතර ඊයේ (15) පොදුජන පෙරමුණට සහය දක්වන පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පුත්තලම දිස්ත්‍රික් ලේකම් හා තේරිම් භාර නිළධාරිවරයාට පැමිණිලි කර ඇත්තේ  පුත්තලමේ  පදිංචි පිරිස් ජන්දය භාවිත කිරීම සඳහා මන්නාරමට ලංගම බස් රථ යොදා ගනිමින් ප්‍රවාහනයට කටයුතු යොදා ඇති බව සඳහන් කරමින්ය.

අදාළ පිරිස අවතැන් ජනතාව බව ඔහු පවසා නැති අතර තර්ජනාත්මක ස්වරූපයෙන් එහිදී ඔහු හැසිරී ඇති බවත් දැනගන්නට ඇත.

ගමනාගමන පහසුකම් නොමැති දුෂ්කර ප්‍රදේශ වල වෙසෙන ජනතාව ජන්දය සඳහා ලියාපදිංචිව සිටී නම් නියමිත ජන්ද මධ්‍යස්ථාන වෙත යාමට ප්‍රවාහන පහසුකම් සැලසීම සාමාන්‍යයෙන් සිදුකරන කටයුත්තකි. ඒ ජන්දය දීමට ඇති අයිතිය තහවුරු කිරීම රජයේ වගකීමක් වන නිසාය.

maxresdefault 8

පොහොට්ටුවේ හැසිරීම අන්තිමයි !

මේ සම්බන්ධව අදහස් දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ පොදුජන පෙරමුණ තම විපක්ෂ දේශපාලන භාවිතය තුළත් ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස නොකරන මජර එකතුවක් බව ඔප්පුකර ඇති බවය. එසේම මෙම සිදුවීමට අදාලව නියත වශයෙන්ම සැකය පොදුජන පෙරමුණ වෙත එල්ලවන බවත් ඒ අවතැන් ජනතාව තම ජන්දය ඇමරිකානු පුරවැසි ගෝඨාභය රාජපක්ෂට ලබානොදෙන බව එම පාර්ශවය විසින්ම පවසන නිසා බවත් විචාරකයන් සඳහන් කරයි.

විශේෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ ඊයේ හැසිරීම සහ අද ප්‍රහාරය අතර සම්බන්ධයක් ඇත්දැයි බැලීම විමර්ශන කරන ආරක්ෂක අංශ වල වගකීම බවත් ඔවුන් පෙන්වා දෙයි.

නියත වශයෙන්ම පරාජය කළ යුතුයි !

ජනාධිපතිවරණය කැඳවූ අවස්ථාවේ සිට මේ දක්වා සෑම ආකාරයකම බරපතල තත්ත්වයේ මැතිවරණ නීති උල්ලංඝනය කර සිටියේ පොදුජන පෙරමුණ විසින් බවත් බලය අහිමිව ඔවුන් දක්වන මේ මජර හැසිරීම හමුවේ නියත වශයෙන්ම පොදුජන පෙරමුණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පරාජය කරවිය යුතු බවත් විචාරක අදහස වී තිබේ.

IMG 20191116 WA0026

IMG 20191116 WA0027

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න