ගෝඨා පැතූ ලොව නැතිවේ : උතුරේ ජන්ද නිසා වාසිය සජිත්ට !

ගෝඨා පැතූ ලොව නැතිවේ : උතුරේ ජන්ද නිසා වාසිය සජිත්ට !

2015 ජනාධිපතිවරණයට සාපේක්ෂව  උතුරු නැගෙනහිර මෙවර වැඩි ජන්ද ප්‍රමාණයක් භාවිතව ඇති අතර ඒ අනුව සජිත් ප්‍රේමදාස වැඩි ජන්ද ප්‍රමාණයක් හිමිකරගෙන ඇති බව වාර්තා වෙයි.

2015 ජනාධිපතිවරණයේදී එවකට විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ සමඟ තිබු කරට කර තරගය ජයග්‍රහණයක් බවට පරිවර්තනය කරගනු ලැබුවේද උතුරු නැගෙනහිර ඇතුළුව මධ්‍යම කඳුකරයේ ජන්දවලින්ය.

ඒ අනුව මෙවර එම ජන්ද ප්‍රමාණය 2015 ට සාපේක්ෂව ඉහල ප්‍රතිශතයක් තුල වාර්තාවී ඇති අතර දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ මතුව ඇති මේ පසුබිමේ ගෝඨාභය රාජපක්ෂට වාසි දායක යැයි සැලකු දිස්ත්‍රික්ක තුල ප්‍රකාශිත ජන්ද සංඛ්‍යාවේ අඩුවක්ද සිදුව ඇති බවය.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ වෙත අපේක්ෂිත ජන්ද ප්‍රමාණය නොලැබෙන බව තහවුරුව ඇති බවත් අවසන් ප්‍රතිපලය තුල 2015 දී සිදුවූ ආකාරයට සජිත් ප්‍රේමදාසට ඉදිරියට ඒමට වැඩි ඉඩක් ඇති බවත් විචාරක මතය වී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න