අලුත් ජනාධිපති ගෝඨාභයට: ඇමැති රිෂාඩ් සුබ පතයි !

අලුත් ජනාධිපති ගෝඨාභයට: ඇමැති රිෂාඩ් සුබ පතයි !

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ  7වන විධායක  ජනාධිපතිවරයා වශයෙන් රටේ බහුතර ජනතා මතයෙන් තේරී පත්වූ  අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සහ තම  ජනතාවගේ සුභාශිංසන පිරිනමන බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසයි.

නිවේදනයක් නිකුත්කරමින් අමාත්‍යවරයා මේ බව සදහන් කරන අතර එහි වැඩිදුරටත් මෙසේද සදහන් වෙයි.

පසුගිය ජනාධිපතිවරණයේ දී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමා වෙනුවෙන් ක්‍රියාකාරීව දායකවූ ඔබ සැමට සහ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට මාගේ විශේෂ ස්තූතිය පිරිනමමි.

එමෙන්ම, සමස්ත ශ්‍රී ලාංකීය ජාතීන් අතර සාමය, සමගිය, සංහිඳියාව, විශ්වාසය හා ආරක්ෂාව ඇතිවන ආකාරයෙන් අභිනව ජනාධිපතිතුමා කටයුතු කරනු ඇතැයි අපි තරයේ විශ්වාස කරමු.

රටක් ලෙස අප මුහුණ දෙන අභියෝගයන් ජය  ගැනීම සඳහා සියලු ජාතීන් එකාවන්ව, සහෝදරත්වයෙන්, සංහිඳියාවෙන් එම අභියෝගයන්ට මුහුණ දී රට සංවර්ධනය කරා ඉදිරියට ගෙන යාමට අභිනව ජනාධිපතිතුමාට ශක්තිය ධෛර්ය ලැබේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න