පොහොට්ටු ප්‍රහාරයෙන් එජාප වවුනියාව සංවිධායක රෝහලේ !

පොහොට්ටු ප්‍රහාරයෙන් එජාප වවුනියාව සංවිධායක රෝහලේ !

වවුනියාව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක පී.ඒ. කරුණාදාසට ඊයේ  (18) සවස පොදුජන පෙරමුණේ  දේශපාලන ආධාරකරුවන් පිරිසක් විසින් සිදුකල පහරදීමක් හේතුවෙන් රෝහල්ගත කොට ඇති බව වවුනියාව පොලීසිය පවසයි.

එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ඊයේ  සවස වවුනියාව නෙඩුන්කුලම් ග්‍රාමයේ සිය නිවසේ සිටින අවස්ථාවේදී නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දිවුරුම් දීමේ ජය සමරමින් ආ තරුණයින් පිරිසක් විසින් රතිඤ්ඤා පත්තු කරමින් ජයඝෝෂා පවත්වා ඇති අතර එහිදී අදාළ  රතිඤ්ඤා එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයාගේ නිවෙස් භූමියට දැමීම හේතුවෙන් සිදුවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බවට වාර්තා  වෙයි.

පහරදීමෙන් අසාධ්‍ය වූ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා එම අවස්ථාවේදීම වවුනියාව මහරෝහලට ඇතුලත් කොට ඇති අතර අදාළ  පහරදීම සිදු කල පිරිස් පළා  ගොස් ඇති බවත් පහරදීමට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරික්ෂණයක් අරඹා ඇති බවටද වවුනියාව පොලීසිය වැඩි දුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න