අගමැති ධූරයත් පොහොට්ටුව දෙන්න සූදානම් - කිරිඇල්ල 

අගමැති ධූරයත් පොහොට්ටුව දෙන්න සූදානම් - කිරිඇල්ල 

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් වී ආණ්ඩුව භාරදීමට සූදානම් බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.ආණ්ඩු පක්ෂය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අද පස්වරුවේ ප්‍රකාශයක් කරන බව ද ලක්ෂ්මන් කිරිඇල්ල වැඩිදුරටත් සඳහන් කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (19) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මුණගැසි ඇති අතර එහිදී පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කොට ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කර සිටියි.

මහ මැතිවරණය දක්වා භාරකාර ආණ්ඩුවක් යටතේ රජය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මෙහිදි අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර සාකච්ජාවී ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ එම සාකච්ජාවේදී ඇතිකර ගත් එකඟතාවය මත බව ද පැවසේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න