දිනේෂ් කැපෙයි : අගමැති ලෙස මහින්ද අද දිවුරයි !

දිනේෂ් කැපෙයි : අගමැති ලෙස මහින්ද අද දිවුරයි !

අන්තර්වාර ආණ්ඩුවේ අගමැතිවරයා ‌ලෙස විපක්ෂනායක  මහින්ද රාජපක්ෂ අද (21) දහවල් 12.30ට ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිව්රුම් දීමට නියමිත බව වාර්තා වෙයි.

ඉන් අනතුරුව ඔහු පස්වරු 3.00ට අගමැතිවරයා වශයෙන් අරලියගහ මන්දිරයේදී වැඩ බාර ගනු ලැබීමට නියමිත බවත් වාර්තා වෙයි.

කෙසේවුවත් මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනගේ නමද අග්‍රාමාත්‍ය ධුරය සඳහා යෝජනා වී තිබුණත් පසුව එම තීරණය වෙනස් කර ඇති බවත් දැනගන්නට ඇත.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සමයේ ද මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කල අතර නැවත ඔහු අගමැති වූයේ 2018 ඔක්තෝබර් 26 දියත්වූ අපකීර්තිමත් ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණ ආණ්ඩුව අවස්ථාවේය. ඒ අනුව මේ මහින්ද රාජපක්ෂගේ තෙවැනි අගමැති ධුර අවස්ථාවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න