ජනාධිපතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණයට රනිල් සූදානම් වෙයි : පක්ෂ ප්‍රතිසංස්කරණ පස්සට යයි !

ජනාධිපතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණයට රනිල් සූදානම් වෙයි : පක්ෂ ප්‍රතිසංස්කරණ පස්සට යයි !

ජනාධිපතිවරණ ප‍්‍රතිඵල පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ විශ්ලේෂණයක් ලබන සඳුදා  සහ  අඟහරුවාදා යන දෙදින පුරා සිදුකිරීමේ සූදානමක් සම්බන්ධව තොරතුරු වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ජනාධිපතිවරණ ප‍්‍රතිඵල විශ්ලේෂණය සිදුකරන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙනි.

මේ අතර ජනාධිපතිවරණ ප‍්‍රතිඵල පූර්ණ ලෙස විශ්ලේෂණය කිරීමෙන් පසු  සිංහල බෞද්ධ ඡන්ද පදනම දිනාගත හැකි  පක්ෂයේ  පූර්ණ ප‍්‍රතිව්‍යුහගත කිරීම කඩිනම්න් ආරම්භ කරන බව එක්සත් ජාතික පක්සයේ මහලේකම් අකිල  විරාජ් කාරියවසම්  ප‍්‍රකාශ කර ඇති අතර ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි වුණු ආකාරය සම්බන්ධයෙන්  පූර්ණ විශ්ලේෂණය කර යථාර්ථයට මුහුණ දෙමින් සිංහල බෞද්ධ පදනම දිනාගත හැකි තරුණ  නායකත්වයක් ගැන ද අනාගතයේ දී එක්සත් ජාතික පක්ෂය අවධානය යොමු කිරිමට තීරණය කර තිබෙන බවත් දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න