Language Switcher

V2025

සජිත් පාර්ශවයට රනිල් උත්තර දෙයි

මැතිවරණ පරාජය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් සිරිකොත හා මැතිවරණ යාන්ත්‍රණය වගකීම් ඉටුකළ බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද සිරිකොතදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

එසේම මූල්‍ය වගකීම් පක්ෂයේ නිලධාරී මණ්ඩලයට නොපැවරූ බවත් මූල්‍ය වගකීම් භාර නොගත් බවත් ඔහු සඳහන් කළේය.

“ඡන්දය තිබුණ අවස්ථාවේ යන්ත්‍රණයත් අපි භාර දුන්නා. එයත් සිරිකොතත් ඒ වැඩ කටයුතු කරපු බවට අපිට සහතික වෙන්න පුළුවන්. මේ ව්‍යාපාරය අඩපණ කළා කියන චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

ඒක මගෙන්වත් ඒ යන්ත්‍රණයෙන්වත් සිදුවුණේ නෑ. අපේ ප්‍රධාන සාමජිකයන්ට,ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට භාර දුන්නා.

විශේෂයෙන්ම මේ පක්ෂයට හා නිලධාරී කාටවත් මූල්‍ය කටයුතු ගැන වගකීමක් තිබුණේ නෑ. ඇත්ත වශයෙන්ම අපි මූල්‍ය කටයුතු භාර ගත්තෙත් නෑ. ඒ චෝදනා මම ප්‍රතික්ෂේප කරනවා.”