ඇමරිකා තානාපතිනිය ජනපති හමුවෙයි

ඇමරිකා තානාපතිනිය ජනපති හමුවෙයි

ශ්‍රී ලංකා ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ඊයේ  (22) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මුණගැසී දෙරටට බලපාන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇත.

කොළඹ ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව සිදු වූ අතර එහිදි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  ද්විපාර්ශ්වීය වෙළෙඳ සබඳතා ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡාව කර ඇත.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය සහ කණ්ඩායම මුණ ගැසුණු බවත් ද්විපාර්ශවීය සබඳතා පිළිබඳ සාකච්ඡා පැවැත්වූ බවත් එම සාර්ථකව අවසන් වූ බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ද ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබූ අතර එහි මෙසේ දැක්විණි.

“යහපාලනය මත පදනම් වූ සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන සහ ආර්ථික වර්ධනය ශක්තිමත් කරන ස්වෛරී, ආරක්ෂිත සහ සෞභාග්‍යවත් ශ්‍රී ලංකාවක් සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර නව සබඳතා ආරම්භ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පළමු හමුව සිදුවුණා”.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීම වෙනුවෙන් සුබ පැතුම් එක් කරමින් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය මීට පෙර ද ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබූ අතර ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ මහතා ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සුබ පැතුම් එක් කර තිබිණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න