එජාප නායකත්වය සජිත්ට : විපක්ෂ නායක රනිල් ?

එජාප නායකත්වය සජිත්ට : විපක්ෂ නායක රනිල් ?

ලබන වසර (2020) මුලදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට මුහුණදීම සඳහා එක්සත් ජාතික පක්ෂය වහාම ප්‍රතිසංවිධානය කළ යුතුබවට යෝජනා කර සිටින එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් පිරිසක්, එම මැතිවරණ සටන සජිත් ප්‍රේමදාස වෙත පවරන්නැයි රනිල් වික්‍රමසිංහට යෝජනා කර තිබේ.රනිල් වික්‍රමසිංහට සමීප එම මන්ත්‍රීවරුන් යෝජනා කොට ඇත්තේ වහාම සජිත් ප්‍රේමදාස වෙත පක්ෂ නායකත්වය පවරා මහ මැතිවරණය තෙක් පාර්ලිමේන්තුවේ විපක්ෂනායකයා ලෙස කටයුතු කරන ලෙසයි. 

දේශපාලනයෙන් සමු නොගන්නා ලෙස රනිල් වික්‍රමසිංහ ගෙන් ඉල්ලා ඇති එම මන්ත්‍රීවරුන් පිරිස, පක්ෂයේ යාවජීව අනුශාසක ලෙස කටයුතු කරන්නැයි ද වැඩිදුරටත් ඉල්ලා තිබේ. 

මෙම කාරණය සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ජා කිරීම සඳහා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇතුළු කිහිප දෙනෙකු අද (23) පෙරවරුවේ රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිතය.

රනිල්, දේශපාලනයෙන් සමුගන්නා 'ලංකා නිව්ස් වෙබ්' කියයි !

මේ අතර lankanewsweb.netවාර්තා කර ඇත්තේ එජාප නායක රනිල් වික්‍රමසිංහ දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇති බවයි.

lankanewsweb.netවෙත විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ එබව සඳහන් කර තිබේ. ඒ අනුව පාර්ලිමේන්තු වාරාවසාන වන විට සිය 42 ක දේශපාලනයට සමු දෙන බව රනිල් වික්‍රමසිංහ පැවසු බව එම වෙබ් අඩවිය අවධාරණය කර සිටියි.

එම පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

හැම පරාජයකටම හේතුව ඉක්මන් වීම:

''එක්සත් ජාතික පක්ෂය රැක ගැනීමට හැකි නායකයෙක්ට පක්ෂය භාර දීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති අතර එවැනි නායකයෙක් හමු වුණත් නැතත් තමන්ගේ තීරණයේ වෙනසක් නොමැති බවද ඔහු කියාසිටියේය.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ පරාජයට හේතුව ඉක්මන් තීරණ බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

දේශපාලනයේදී ඉවසීමෙන් කටයුතු කළ යුතු අතර එය තරුණ දේශපාලකයන්ට ඉතා වැදගත් කාරණයක් බවයි ඔහු අප වෙත අදහස් දක්වමින් පැවසුවේ.

තමන් අගමැති ධූරයට පත් වූයේද ඉතා ඉවසීමෙන් කටයුතු කිරීමෙන් බව හෙතෙම ප්‍රකාශ කළේය.

ඒ අනුව තරුණ දේශපාලකයන්ට තමන් දෙන උපදේශය වන්නේ දේශපාලනයේදී ඉතා ඉවසීමෙන් හා කල් යල් බලා කටයුතු කිරීම බව රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේය.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න