මන්ත්‍රීකම අහෝසි කලොත් නඩු මඟට යනවා - ෆවුසි

මන්ත්‍රීකම අහෝසි කලොත් නඩු මඟට යනවා - ෆවුසි

පාර්ලිමේන්තු මන්ත‍්‍රීධුරය අහෝසි කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ක‍්‍රියා කළහොත් එයට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ගයකට යොමු වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ. එච්. එම් ෆවුසි සති අන්ත පුවත්පතකට පවසා  ඇත. 

තමන් මන්ත‍්‍රීධුරයෙන් ඉවත් කරන බවට දැනුම් දෙමින් පක්ෂයෙන් ලිපියක් තමන් වෙත යොමු කර ඇති බවත් පැවසූ මන්ත‍්‍රීවරයා එවැනි ක‍්‍රියාමාර්ගයක් ගැනීමට පක්ෂයට කිසිදු හැකියාවක් නොමැති බවත් සඳහන් කළේය.

තමන් ඉවත් කිරීමෙන් පුරප්පාඩු වන මන්ත‍්‍රීධුරය හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමේ අරමුණින් පක්ෂය මෙම පියවර ගෙන ඇති බවත් ඔහු පැවැසීය.

පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබියදීත් ඒ වෙනුවෙන් ක‍්‍රියා නොකළ මෛත‍්‍රීපාල සිරිසේන මහතා තමන්ට පෙර පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කළ යුතු බවත් ඔහු කියා සිටියේය.

තමන් වසර 44ක් තිස්සේ සාමාජික අරමුදල් ගෙවමින් පක්ෂ සාමාජිකයකු ලෙස තමන් කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් කීවේය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ. එච්. එම්. ෆවුසි මහතාගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීධුරය අහෝසි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත දැනුම් දී ඇති බව එම පක්ෂයේ නියෝජිතයන් පැවසීය.

සබැදි පුවත්

සිරිසේනට ඇතුළට එන්න ෆවුසි එළියට දැම්මේ තීරණයක් !

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න