ස්විස් තානාපති කාර්යාලයක නිලධාරිනියක් පැහැරගැනීමේ සිද්ධිය පිළිබද පරීක්ෂණයක්

ස්විස්  තානාපති කාර්යාලයක නිලධාරිනියක් පැහැරගැනීමේ සිද්ධිය පිළිබද පරීක්ෂණයක්

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැර ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හැන්ස්පීටර් මොක් මහතා ඊයේ  (27) විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වූ අතර එහිදි දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

විදේශ කටයුතු අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් දිනේෂ් ගුණවර්ධන මහතාට සුබපැතීම සඳහා තානාපතිවරයා එලෙස පැමිණි බව ද විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරිනියක් සඳහන් කළාය.

අදාළ පරීක්ෂණ සඳහා තානාපති කාර්යාලයේ පූර්ණ සහයෝගය දෙන බව ද ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හැන්ස්පීටර් මොක් මහතා එහිදි විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට පවසා ඇත.

ඡායා: SWI වෙබ් අඩවියෙනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න