මැතිවරණයකදී තැන්පත් කළ යුතු ඇප මුදල් ඉහළ නැංවීමට යෝජනාවක්

මැතිවරණයකදී තැන්පත් කළ යුතු ඇප මුදල් ඉහළ නැංවීමට යෝජනාවක්

ඡන්දයකදී ඡන්ද විමසීම් සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් තැන්පත් කළ යුතු ඇප මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමේ යෝජනාවලියක් සකස් කර ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඡන්ද විමසීම් සඳහා වැඩි අපේක්ෂයින් පිරිසක් ඉදිරිපත්වීම අවම කිරීමේ අරමුණින් එම යෝජනාවලිය සකස් කළ බව එහි නීති අධ්‍යක්ෂ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේය.

එම යෝජනාවලියට අනුව මහමැතිවරණවලදී මෙන් ම පළාත් සභා ඡන්ද විමසීම්වලදී පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු රුපියල් 5000 ක ඇප මුදලක් තැන්පත් කළ යුතු බවට නව නීතියක් හඳුන්වාදීමට නියමිතයි.

ස්වාධීන අපේක්ෂකයෙකු නම් රුපියල් 7500 ක පමණ ඇප මුදලක් තැන්පත් කළ යුතු අතර, ජනාධිපතිවරණයට පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයෙකුගේ ඇප මුදල ලක්ෂ 25 ක් වන අතර ස්වාධීන අපේක්ෂකයකුට ලක්ෂ 30 ක පමණ මුදලක් තැන්පත් කළ යුතු වේ.

දැනට ක්‍රියාත්මක වන්නේ වසර 30 කට පෙර ගෙන ආ නීතියක් බවද ජාතික මැතිවරණ කොමිෂමේ නීති අධ්‍යක්ෂ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න