නොයෙකුත් ස්ථානවල සිඟමන් යදින යාචකයන් හම්බන්තොට රිදීගම පිහිටි යාචක රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමුකිරීමට පොලිස් මුලස්ථානය විසින් දිවයිනේ සියලු පොලිස් ස්ථාන වෙත දන්වා ඇති බවට පළවන පුවත සාවධ්‍ය බව ශ්‍රී ලංකා පොලිසියේ මාධ්‍ය සහ මහජන සම්බන්ධතා කොට්ටාශය නිවේදනය කරයි.
එම නිවේදනය පහත දැක්වෙයි.

කෙසේ වුවත් අමාත්‍ය විමල් වීරවංශ විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියක් වාර්තා කර ඇත්තේ සිඟමන් යදින යාචකයින් ඉවත් කරන ලෙස බස්නාහිර පළාතේ සියළුම පොලිස් ස්ථාන වෙත පොලිස් මූලස්ථානය උපදෙස් ලබා දී තිබෙන බවය.
වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව එම දැනුම් දීම සිදු කර ඇත්තේ බස්නාහිර පළාත් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන විසින් බවත් එම පුවතේ සඳහන් අතර ඒ අනුව විවිධ අපහසුතා මතුවන අයුරින් බස්නාහිර පළාත තුළ සිඟමන් යදින පුද්ගලයන් හම්බන්තොට රිදියගම ප‍්‍රදේශයේ පිහිටි යාචක රැදවුම් මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු යොදා ඇති බව ද එම පුවතේ සඳහන් කර ඇත.
අදාළ පුවත පහත දැක්වෙයි.

