එස්බී, තිලංග, ලක්ෂ්මන්ට ඇමතිකම් දීම : ගෝඨාභය ජනාධිපතිගේ අයිතිකරුවන්ගේ විවේචනයට !  

එස්බී, තිලංග, ලක්ෂ්මන්ට ඇමතිකම් දීම : ගෝඨාභය ජනාධිපතිගේ අයිතිකරුවන්ගේ විවේචනයට !   

2015 අගෝස්තු  පාර්ලිමේන්තු මැතිවරණයේදී පරාජයට පත් වීමෙන් පසුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි පුද්ගලයන්ට මෙම ආණ්ඩුව විසින් රාජ්‍ය ඇමැති ධුර ලබා දීම වැරදි ක්‍රියාවක් බව යුතුකම සංවාද කවය සඳහන් කරයි.

එහි කැඳවුම්කරු ගෙවිඳු කුමාරතුංග සඳහන් කරන්නේ එම පුද්ගලයන් පාර්ලිමේන්තුවට පැමිණීමේ ක්‍රමවේදයම සදාචාර විරෝධී බවයි.

ඔහු මේ බව සඳහන් කරන ලද්දේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එස්.බී. දිසානායක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, තිලංග සුමතිපාල යන පිරිස පසුගිය මැතිවරණයේදී පරාජයට පත්වීමෙන් පසු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරනු ලැබූ අතර පසුව අමාත්‍ය ධුරද පිරිනැමිණ. ඔවුන්ව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ අන්තර්වාර ආණ්ඩුවේද  නව රජයේ රාජ්‍ය ඇමැති ලෙසද පත් කර ඇත. 

ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති කිරීමේ කටයුත්තේ ප්‍රමුඛයකු බව පැවසෙන ගෙවිඳු කුමාරතුංග මෙසේ විවේචනය කර ඇත්තේ එකී පාර්ශවයන්ට අමාත්‍ය ධුර ලබාදීමය.

ඩිලාන් සහ ටී.බී ටත් රාජ්‍ය අමාත්‍ය ධූර !

මේ අතර බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරාට හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. බී. ඒකනායක ට  රාජ්‍ය අමාත්‍ය ධුර ලබා දීමට යෝජනා වී ඇති බවටත් මාධ්‍ය වාර්තා පළවෙමින් තිබේ.

දැනට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජයේ කැබිනට් ඇමැති ධුර 15 කුත්, රාජ්‍ය ඇමැතිවරුන් 38 දෙනකුත් ලෙස පත්කර තිබේ. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 46(1) වගන්තියේ දැක්වෙන්නේ අමාත්‍යවරුන් 30 ක් හා රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් 40 ක් පත් කළ හැකි බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න