දේශපාලනයේ නැවත ඉපදීමකට : සිරිසේන සූදානම් !

දේශපාලනයේ නැවත ඉපදීමකට : සිරිසේන සූදානම් !

ධූර කාලය අවසන් බැවින් තමන් දේශපාලන වශයෙන් සමුගනු ඇතැයි ඇතමුන් සිතා සිටින නමුත් තම දේශපාලනය ධුරයෙන් විශ්‍රාම ගැනීම සමග අවසන් නොවන බව හිටපු ජනාධිපති සිරිසේන පවසයි.

පොලොන්නරුවේ පැවති උපහාර දැක්වීමේ උත්සවයක් අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කළ අතර තමන් නැවත දේශපාලනය තුළ උපදින බවත් අවසන් හුස්ම පොද දක්වා රටට ජනතාවට සේවය කරන බවත් පැවසීය.

සිරිසේනගේ දේශපාලනය ගැන පියදාස දුන්න සහතිකය !

මේ අතර ජනාධිපතිවරණ සමයේ ශ්‍රිලනිප වැඩ බලන සභාපති ලෙස කටයුතු කල රෝහණ ලක්ෂ්මන් පියදාස පවසා සිටියේ හිටපු  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අඛණ්ඩව දේශපාලනයේ නිරතව සිටින බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ලෙස පක්‍ෂයට නායකත්වය ලබාදෙමින් මෙම කටයුතු සිදුකරන බවත්ය.

ලබාගත් නව ජයග්‍රහණය වඩා අර්ථවත් ලෙස ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබෙන බවත්, ඉදිරි මාස තුනක කාලය තුළ පාර්ලිමේන්තුවට පැමිණේවිද නැද්ද කියා කීමට හැකියාවක් නොමැති බවත් ඔහු පවසා සිටියේය.

මේ වනවිට ඒ.එච්.එම්. ෆවුසි මහතාට විනය ක්‍රියාමාර්ග ගැනීමේදී වඩාත් විනිවිදභාවයකින් යුතුව සිදුකරන බවත්, අදාළ සමාජිකයාටත් අදහස් දැක්වීමට අවස්ථාව ලබාදෙන බවත් හෙතෙම සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න